ගුණතිලක රාජපක්ෂට හමුදා රෝහලේ ප්‍රතිකාර කරන්නේ කොහොමද ? – මහින්දානන්ද ප්‍රශ්න කරයි !

Date:

පහුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉවර වෙලා එද්දී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර ඇතිවුණු ගැටුමකදී ගුණතිලක රාජපක්ෂ වැටිලා කකුලකුත් කැඩුණු සිද්ධිය හැමෝම දන්නවානෙ.

මේ ගැන ගුණතිලක රාජපක්ෂගේ පුතා කොටුව පොලීසියට පැමිණිල්ලක් කරලා තිබුණා. ඒ අනුව ඊයේ (05) දිනයේදී කොටුව පොලීසියේ නිලධාරීන් යුද හමුදා රෝහලට ගිහින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයකුත් සටහන් කරගෙන. ඔහු රෝහලේ ඉඳන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියලා තිබුණේ මහින්දානන්ද තමන්ට අතින් පයින් පහරදුන් බවත් තමන් මේ සිද්ධිය ලේසියෙන් අතහරින්නේ නැති බවත් යුක්තිය වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්.

ඉතින් ඔය තත්වය යටතේ මහින්දානන්ද නීති උපදෙස් ගන්න නීතීඥවරුන් කීපදෙනෙක් හමුවෙලා. ඒ නීතීඥවරුන් කියලා තියෙන්නේ සිද්ධිය බරපතළ බවත් මේක දුරදිග යන්න පුළුවන් බවත් ලු.

ඒක අහපු මහින්දානන්ද මරු කතාවක් කිව්වා කියලා ආරංචියි.

“ඇයි මගේ ඒවා විතරද පේන්නේ ? ගුණතිලක රාජපක්ෂ කොහොමද යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ගන්නේ ? යුද හමුදා රෝහල තියෙන්නේ යුද හමුදා සාමාජිකයින්ටයි විශ්‍රාමික හමුදා සාමාජිකයින්ටයි ප්‍රතිකාර කරන්න. ගුණතිලකට ඒකෙදී පැය හතරක සැත්කමකුත් කරලා ලු. එතකොට ඒවා අනීතික නැද්ද ?” කියලා මහින්දානන්ද ඇහුවා ලු.

කොහොම වුණත් නීතියට අනුව අස්ථි බිඳීමක් කියන්නේ සුළු තුවාල ගණයට වැටෙන එකක් නෙවෙයි. ඒක බරපතළ තුවාල ගණයට වැටෙන එකක්. බරපතළ තුවාල කිරීමක් සම්බන්ධයෙන් සාමාන්‍ය මනුස්සයෙකුට චෝදනාවක් එල්ල වුණා නම් පොලීසිය මෙලහකටත් සැකකාරයා අත් අඩංගුවට අරන්. නමුත් ඉතින් අපේ රටේදී මන්ත්‍රීලා, ඇමතිලා, ඉහළ නිලධාරීන් බලධාරීන් වගේ අයට ඕවා අදාළ නොවෙන එක සාමාන්‍ය තත්වයක් නේ.

මීළඟට මොකද වෙන්නේ කියලා බලාන ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...