අයථා වත්කම් ඉපයූ රේගු සහ සුරාබදු නිලධාරීන් රැසකට වැඩ වරදින ලකුණු !

Date:

අයථා වත්කම් උපයන ලද ශ්‍රී ලංකා රේගුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින අයථා වත්කම් සහ මුදල් විශුද්ධිකරණ විමර්ශන ඒකකයට මෙම පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

රුපියල් බිලියන ගණනින් වත්කම් උපයා ඇති මඩකලපුව, අනුරාධපුර සහ කුරුණෑගල ප්‍රදේශවල සුරාබදු නිලධාරීන් පිරිසක් පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අතරින් අතිවිශාල ප්‍රතිශතයක් සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි ලැබී ඇති අතර මේ වනවිට ඒ සියල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර මෙන්ම පවුල්වල සාමාජිකයින්ගේ වත්කම් පිළිබඳ විස්තර ද එකතු කෙරෙමින් පවතින බවත් වාර්තා විය.

සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව මෙරට ඉතාමත්ම දූෂිත ආයතන අතර ඉදිරියෙන්ම සිටින බවත් රටේ වත්මන් ආර්ථික අර්බුදයට එම ආයතනවල නිලධාරීන් ද සැලකියයුතු මට්ටමකින් වගකිව යුතු බවත් නොරහසකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...