අසාර්ථක ජනාධිපතිවරයෙක් ලෙස ඉල්ලා අස්වෙන්නේ නැහැ.නැවත ජන්දයකට එන්නෙත් නැහැ – ජනාධිපති

Date:

අසාර්ථක ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ධූරයෙන් ඉවත් විය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සකාච්ජාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ.

ධූරයෙන් ඉවත්වන ලෙස බලකෙරෙන විරෝධතා නොතකා තමන්ගේ ධූර කාලය අවසන් වනතෙක් ඉල්ලා අස් නොවන අතර වසර 05ක කාලයක් සඳහා තමන්ට ජනවරම හිමිව ඇති හෙයින් ඉතිරි වසර දෙකක කාලයද තමන් කටයුතු කරන බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ.

කෙසේවෙතත් මෙතෙක් ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයට තුඩු දුන් කාරණා නිවැරදි කිරීමට අවධානය යොමුකර ඇත හෙයින් නැවත මැතිවරණයක් සඳහා තරඟ නොවදින බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රට මුහුණ දී ඇති ආර්ථික ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටින්නේ රාජ්‍ය සේවකයන් හෝ හමුදාව කප්පාදු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

එහෙත් රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මීට මාස 06 කට පෙර හෝ වසරකට පෙර ගොස් තිබුණා නම් අද වන විට ඇතිවී තිබෙන තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබූ බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...