අද උදෑසන දුම්ර්ය ගමන් වාර 50 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 07 , කොළඹ (LNW):

අද(07) දින දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා උදෑසන දුම්ර්ය ගමන් වාර 50 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වෙමින් පවතින බව වාර්තා වේ.

හවස් කාලයේ මේ ප්‍රමාණය තවත් වැඩිවීමට නියමිත බව පැවසේ.

මෙයට ප්‍රධානම හේතුව වනුයේ 2018-05-09 වන දින අනුමත අමාත්‍ය මණ්ඩල තීරණය පදනම් කරගෙන මේ දක්වාම දුම්රිය එන්ජින් රියදුරු බදවා ගැනීමේ පරිපාටිය සකස් කිරීමට කටයුතු නොකිරීම නිසා නව බදවා ගැනීම් සිදු කිරීමට නොහැකි වීමත්, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි HKW බණ්ඩාර මහතාගේ මැදිහත්වීම මත දැනට තුන්වන පෙළ හිටින දුම්රිය එන්ජින් රියදුරු වරුන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබාදීමට ගත් ක්‍රියා මාර්ග දිගින් දිගටම ප්‍රමාද කිරීමත් , දෛනිකව ධාවනය විය යුතු දුම්රියන් බොහෝ ප්‍රමාණයක් අවලංගු වීම, ප්‍රමාද වීම සම්බන්ධයෙන් කළමණා කාරීත්වය නිසි අවධානයක් යොමු නොකිරීමත් නිසා බව සඳහන් වේ.

ලොකෝමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර ඇත්තේ, මේ සදහා නිසි විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම ක්‍රියා මාර්ගයේ අඛණ්ඩව යෙදීමට බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...

මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

ලංකාවේ ක්‍රීඩා බලධාරින් මොහාන් රාජ් මඩවලගේ බෝදිලිමා කියවන්න

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: මීට කාලයකට පෙර ශ්‍රී...