අද උදෑසන දුම්ර්ය ගමන් වාර 50 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 07 , කොළඹ (LNW):

අද(07) දින දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා උදෑසන දුම්ර්ය ගමන් වාර 50 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වෙමින් පවතින බව වාර්තා වේ.

හවස් කාලයේ මේ ප්‍රමාණය තවත් වැඩිවීමට නියමිත බව පැවසේ.

මෙයට ප්‍රධානම හේතුව වනුයේ 2018-05-09 වන දින අනුමත අමාත්‍ය මණ්ඩල තීරණය පදනම් කරගෙන මේ දක්වාම දුම්රිය එන්ජින් රියදුරු බදවා ගැනීමේ පරිපාටිය සකස් කිරීමට කටයුතු නොකිරීම නිසා නව බදවා ගැනීම් සිදු කිරීමට නොහැකි වීමත්, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි HKW බණ්ඩාර මහතාගේ මැදිහත්වීම මත දැනට තුන්වන පෙළ හිටින දුම්රිය එන්ජින් රියදුරු වරුන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබාදීමට ගත් ක්‍රියා මාර්ග දිගින් දිගටම ප්‍රමාද කිරීමත් , දෛනිකව ධාවනය විය යුතු දුම්රියන් බොහෝ ප්‍රමාණයක් අවලංගු වීම, ප්‍රමාද වීම සම්බන්ධයෙන් කළමණා කාරීත්වය නිසි අවධානයක් යොමු නොකිරීමත් නිසා බව සඳහන් වේ.

ලොකෝමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර ඇත්තේ, මේ සදහා නිසි විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම ක්‍රියා මාර්ගයේ අඛණ්ඩව යෙදීමට බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...