*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

මොදී දිවුරුම් දීමටත් කලින් සභාග පක්ෂ කැබිනට් තනතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 07,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර ඉන්දීය මහා මැතිවරණයේදී ලෝක සභාව වෙනුවෙන් ආසන 272ක බහුතරයක් ලබා ගැනීමට නරේන්ද්‍ර මොදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය අපොහොසත් වීමත් සමඟ මොදී සභාග හවුල්කරුවන් වෙත යොමුවිය.

ඒ අනුව, දකුනු ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ තෙළිඟු දේශම් පක්ෂය (TDP) සහ බිහාර් ප්‍රාන්තයේ ජේඩී JD(U) ලෙසද හැඳින්වෙන ජනතා දාල් (එක්සත්) ඇතුළු පක්ෂවල නායකයා වශයෙන් ඒකමතිකව මොදී පිළිගැනීමත් සමඟ ආසන 293ක් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුත් සභාගයට ලැබී තිබේ.

මෙත් සමඟ මොදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දිමට ප්‍රථම සභාග පක්ෂ කැබිනට් තනතුරු ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මොදී සිය ජිවිතයේ ප්‍රථම වරට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන බවත්, කුඩා සභාග නියෝජිතයන් රජය පිහිටුවීමේ දී බලවත් රජවරුන් ලෙස නැගී සිටිනු ඇති බවත්ය,

කෙසේ නමුත් චන්ද්‍රබාබු නායිදුගේ නායකත්වයෙන් යුත් ආසන 16ක් ඇති තෙළිඟු දේසම් පක්ෂය (TDP) පාර්ලිමේන්තු කථානායක ධුරය මෙන්ම තමන් විසින් පාලනය කරන ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයට කැබිනට් ආසන පහක් සහ විශේෂ තත්වයක් අපේක්ෂා කරන බව වාර්තා වේ. ජනතා දාල් (එක්සත්) පක්ෂයේ ප්‍රධානියා වන බිහාර් ප්‍රාන්තයේ මහ ඇමති නිතිෂ් කුමාර් ද අවම වශයෙන් කැබිනට් ආසන තුනක් ඉල්ලා තිබේ.

එහෙත් වාර්තා වන කරුණු වලට අනුව, භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන අමාත්‍යාංශ කිසිවක් අත්හැරීමේ සුදානමක් නැත. ආරක්ෂක, මූල්‍ය, ස්වදේශ කටයුතු සහ විදේශ කටයුතු, ප්‍රවාහන, මහාමාර්ග සහ දුම්රිය යන අමත්‍යන්ශවල ප්‍රධාන තනතුරු තමන්ගේම ඇමතිවරුන්ට හැර වෙනත් කිසිවකුට හිමි නොවන බවයි මොදී සඳහන් කර තිබුණේ,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan