SpaceX’s Starship සිය ප්‍රථම පියාසැරිය සම්පුර්ණ කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 07,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : දිනක අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීමේ බලාපොරොත්තුවෙන් නිර්මාණය කර ඇති ලොව විශාලතම සහ බලවත්ම රොකට්ටුව වන SpaceX Starship ඊයේ(06) දිනයේදී එහි සාර්ථකම පරීක්ෂණ පියාසැරිය අවසන් කර, පිපිරීමකින් තොරව පෘථිවියට ආපසු පැමිණ ඇති බව වාර්තා වේ.

SpaceX ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ඔහු සතු සමාජ මාධ්‍ය වේදිකාව වන ‘X’ සඳහන් කර තිබුණේ, මානව වර්ගයාගේ අනාගතය සඳහා අද විශිෂ්ට දවසක් ලෙසයි.

මෙම මෙහෙයුමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් නාසා ආයතනය සඳහන් කර තිබුණේ, මනුෂ්‍යත්වය සඳට සහ අඟහරු වෙත ගෙන යාමට අපේක්ෂා කරන නැවත භාවිතා කළ හැකි රොකට්ටුවක් සංවර්ධනය කිරීමේ සමාගමේ සැලැස්මේ තීරණාත්මක සන්ධිස්ථානයක් සලකුණු කරන බවයි. 2030 වන විට සිය ගගනගාමීන් සඳ මත යැවීමට සැලසුම් කරන චීනය මේ වන විට කටයුතු කරමින් සිටින අතර 2026 අග භාගයේදී ගගනගාමීන් සඳ මතට ගෙන ඒමට නියමිත Artemis III සඳහා SpaceX Starship එකක් භාවිතා කිරීමට NASA සැලසුම් කර තිබේ.

අද උදෑසන Starship හි සාර්ථක පරීක්ෂණ පියාසැරියට SpaceX වෙත සුබ පැතුම් එක් කරමින් NASA ප්‍රධානී Bill Nelson X හි සඳහන් කර තබුනේ, ‘#Artemis හරහා මනුෂ්‍යත්වය නැවත සඳ වෙත ගෙන ඒමට අපි තවත් පියවරක් සමීපව සිටිමු – ඉන්පසු අඟහරු දෙස බලා සිටිමු’ යනුවෙනි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...