තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : සැකකරුවකුගෙන් රහස් ප්‍රකාශයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදී තිබේ.

මෙසේ රහස් ප්‍රකාශයක් ලබාදී ඇත්තේ මොහොමඩ් ෆාරිස් නම් සැකකරු විසිනි.

ඔහු ඊයේ (ජුනි 06) දිනයේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම රහස් ප්‍රකාශය ලබාදී ඇත.

මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගැනීම සඳහාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම සැකකරුවන් ලබන 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය ඊයේ නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...