*
Saturday, June 7, 2025
spot_img

Latest Posts

අනුරාධපුර මූල්‍ය වංචා සිරකරුවකු ජනාධිපති සමාවෙන් නිදහස් වීම ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි මූල්‍ය වංචා සිරකරුවකු වෙසක් පොහොය දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අතුල තිලකරත්න නම් මෙම සිරකරු බන්ධනාගාර ගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙසත් එම දඩය නොගෙවන්නේ නම් මාසය 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමටත් අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබුණු බවත් එම නිවේදනයේ සඳහන්.

පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 05 වැනි දින වන විට බන්ධනාගාරතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත්ව සිදුකළ බවත් මෙම සිරකරු ද ගෙවීමට තිබුණු දඩ මුදල අහෝසි වීම මත නිදහස් කෙරුණු බවත් එම නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම සිරකරුවා ලැබූ සමාව කිසිසේත් එම පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින් දැක්වේ.


අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එම්. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගරගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝණය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මගින් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇත.

2025.05.12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත්ව ය.

ඒ අනුව, මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට ලද නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.

මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan