කොළඹ නගර සභාව : තැපැල් පෙට්ටියේ මන්ත්‍රීවරයා මාලිමාවට සහාය දෙමින් ඇමති වටගල ඉදිරියේ දිවුරුම් දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ මහ නගර සභාවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරයා වන සුනිල් ප්‍රනාන්දු ජාතික ජන බලවේගයට සහාය පළකර තිබේ.

ඒ අනුව, ඔහු ඊයේ (ජුනි 06) දිනයේදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඉදිරියේ අදාළ මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේය.

“අපි තීරණය කළේ හොඳ පිරිසිදු පාලනයක් සඳහා රජයට සහාය දෙන්න. මෙච්චර කාලයක් අවුරුදු 115ක් මේ නගරසභාව ගෙනිච්චා, හරියට දිස්ත්‍රික් කාර්යාලයකට ගලි බවුසරයක් ගන්න වත්කමක් නෑ. අපි මේවා නැතිකරන්න ඕනෙ” යැයි ඔහු දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පැවසීය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල,

“අශුද්ධ ආරංචිමාර්ග යවනවා ඒගොල්ලො තමයි මේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නෙ කියලා. අපි විවෘත ආරාධනාවක් කළා ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන්ට ඒ අනුව අපට ස්වාධීනව තරග කරන ලද 11කට වැඩි ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මේ මොහොත වෙනකොට අපි නගර සභාවේ බලය පිහිටුවීම වෙනුවෙන් අවශ්‍ය මන්ත්‍රී ප්‍රමාණය සම්පූර්ණ කරලා ඉවරයි. මං දැක්කා මුජිබර් රහුමාන්ගෙන් එක්තරා නාලිකාවකදී දැන් ඕගොල්ලන්ගෙ ගාණ කියන්න කියලා අහනවා. ගාණ කියන්න ගියපුවාම තමයි තැටමෙන්නේ”

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක වන්නේ ප්‍රභා ගනේෂන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...