කොළඹ නගර සභාව : තැපැල් පෙට්ටියේ මන්ත්‍රීවරයා මාලිමාවට සහාය දෙමින් ඇමති වටගල ඉදිරියේ දිවුරුම් දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ මහ නගර සභාවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරයා වන සුනිල් ප්‍රනාන්දු ජාතික ජන බලවේගයට සහාය පළකර තිබේ.

ඒ අනුව, ඔහු ඊයේ (ජුනි 06) දිනයේදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඉදිරියේ අදාළ මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේය.

“අපි තීරණය කළේ හොඳ පිරිසිදු පාලනයක් සඳහා රජයට සහාය දෙන්න. මෙච්චර කාලයක් අවුරුදු 115ක් මේ නගරසභාව ගෙනිච්චා, හරියට දිස්ත්‍රික් කාර්යාලයකට ගලි බවුසරයක් ගන්න වත්කමක් නෑ. අපි මේවා නැතිකරන්න ඕනෙ” යැයි ඔහු දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පැවසීය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල,

“අශුද්ධ ආරංචිමාර්ග යවනවා ඒගොල්ලො තමයි මේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නෙ කියලා. අපි විවෘත ආරාධනාවක් කළා ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන්ට ඒ අනුව අපට ස්වාධීනව තරග කරන ලද 11කට වැඩි ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මේ මොහොත වෙනකොට අපි නගර සභාවේ බලය පිහිටුවීම වෙනුවෙන් අවශ්‍ය මන්ත්‍රී ප්‍රමාණය සම්පූර්ණ කරලා ඉවරයි. මං දැක්කා මුජිබර් රහුමාන්ගෙන් එක්තරා නාලිකාවකදී දැන් ඕගොල්ලන්ගෙ ගාණ කියන්න කියලා අහනවා. ගාණ කියන්න ගියපුවාම තමයි තැටමෙන්නේ”

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක වන්නේ ප්‍රභා ගනේෂන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...