ඌරන් ගවයන් ගණනය කරද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් ගණන් කරන්න අපි සූදානම් – NPP මාපලගම

Date:

වගා හානිකරන සතුන්ගේ සංගණනයේ වියදම් ගැන ප්‍රශ්න කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව ඉදිරියේදී පැවැත්වෙන සූකරයින් සහ ගවයින් සංගණනයේදී එම සංඛ්‍යා දත්තවලට ඇතුළත් කිරීමට ආණ්ඩුව සූදානම් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

“අපි දැක්කානෙ දයාසිරි ජයසේකර මහත්තයා, විවේචනය කරන්න එක මාධ්‍ය සාකච්ඡාවක් තියනවා, ඒක බොරු වුණාට පස්සෙ ඒක බොරු කියලා කියන්න තව මාධ්‍ය සාකච්ඡාවක් තියනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු තාම කතා කරනවා රිලවු කීයද, දඬු ලේන්නු කීයද, කොච්චර ඇල්ලුවාද, කොච්චර වියදම් කළාද කියලා. එයාලාට බොහොම ආදරයෙන් කියන්න කැමතියි තවම මේ නිවාස ආශ්‍රිතව ඉන්න වගාවන්ට හානි කරන සතුන් විතරයි ගණනය කළේ. තාම සූකරයන්, ගවයන් ගණනය කිරීම ආරම්භ කළේ නෑ. ඌරන්, ගවයන් ගණනය කරනකොට ඒ මන්ත්‍රීවරුන්වත් ගණනය කරන්නට අපි සූදානම්”

රුවන් මාපලගම මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (06) අත්තනගල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයක් සඳහා මුල්ගල් තැබීම සඳහා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...

වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : අද (02) පස්වරුවේ,...

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි තැබීමකින්...