*
Sunday, June 8, 2025
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ජුනි 07, කොළඹ LNW :

අද පෙරවරුවේ (07) දී ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින්  ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ  සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ  “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ, රෝහල් පරිශ්‍ර තුළ කෙතරම් යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය කළ ද  සෞඛ්‍ය සේවාවේ ඉලක්ක ජයගත හැකි සීමාවන් පවතින බැවින් වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ ජනතාව රෝහල්  ගතවීම අවම කිරීමටත්,  රෝග ව්‍යාප්තිය වළක්වාලීමටත් බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සෞඛ්‍ය සේවාවේ සියළුම අංශ මෙහෙයවනු ලබන්නේ රෝග නිවාරණය සහ  රෝහල්  ගතවීම අවම කිරීම සඳහා බව අවධාරණය කල අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය ට මෙරට ජනතාව සමග  එක්ව සිදු කිරීමට බැරෑරුම් කටයුත්තක් තිබෙන බව ද පැවසී ය. එම කටයුත්ත දිනකින් දෙකකින් අවසන් වන කාර්යක් නොවන බවත්, ඒ සදහා යම් කාලයක්, අඛණ්ඩව අභියෝගයන් ට මුහුණ දෙමින් ධෛර්ය සම්පන්නව කළ යුතු කාර්යක් මෙන් ම මෙරට සියළු දෙනාම නිසි අවබෝධයෙන් තමන්ගේ වගකීම ඉටුකළ යුතු කාර්යක් බවද පැවසූ  අමාත්‍යවරයා එය කළහොත් ප්‍රතිකාර අංශයට එයින් සහනයක් ලැබෙන බව ද අවධාරණය කර සිටියේ ය.

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෑම අවස්ථාවකම  රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දත්ත මත පදනම්ව තීන්දු තීරණ ගන්නා බවත්, ඒ ඇසුරින් කාලීන වැඩසටහන් සකස් කරන බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට ජනතාව රෝග වලින් ආරක්ෂා වීමට, රෝග පැතිරීම වළක්වාලීමට, රෝග අවම කරගත් ජීවිතයක්, සුව දිවියක්  ඇති කර ගැනීම සඳහා මෙම දැනුවත් කිරීම් වැඩසටහන් ඉතා වැදගත් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.

නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කළ පාගමන විහාර මහාදේවී උද්‍යානය දක්වා ගමන් කෙරුණු අතර එම පරිශ්‍රයේ දී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය සම්පූර්ණ නොමිලේ වන අතර එය අද පස්වරුව දක්වා පැවැත්වීමට නියමිත ය. මෙම ප්‍රදර්ශනයට අධ්‍යාපන කුටි, සුවතා වැඩමුළු, ළමා කලා ප්‍රදර්ශන, සෞඛ්‍ය සම්පන්න ආහාර කුටි, නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ ද ඇතුළත් වේ. පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විහාර මහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී අධ්‍යාපනික හා සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද නියමිතය. 

“සුවබර දිවියක් – සතුටුමත් ජීවිතයක්” යන්න ප්‍රධාන තේමාව කරගනිමින් අද දිනය පුරා පැවැත්වෙන මෙම ප්‍රජා සුව සැණකෙළිය පාසල් දරුවන්, තරුණ ප්‍රජාව, සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාවට සුව සතුටින් පිරි දිවි පෙවෙතකට  සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම බෙදා දෙන ප්‍රමුඛතම වැඩසටහනක් වේ.  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan