“ජිවිතය ජය ගනිමු” : මව්පිය රැකවරණය අහිමි දරුවන් වෙනුවෙන් රැකවරණය ලබා දීමේ වැඩසටහනක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 07, කොළඹ LNW :

“ජිවිතය ජය ගනිමු” යන්න තේමාව කරගනිමින් ඉමදූව පොලිස් ස්ථාන ක්‍රීඩාංගණයේදී මව්පිය රැකවරණය අහිමිවූ දරැ දැරියන්ට රැකවරණය ලබා දීමේ වැඩසටහනක් අද (07) දින ආරම්භ විය.

මේ සඳහා දෙමව්පියන් අහිමි රැකවරණය ලැබිය යුතු දරු,දැරියන් 65 දෙනෙකු මේ සදහා තෝරා ගෙන තිබෙන අතර, අද දින ඔවුන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම සදහා ක්‍රීඩා,සංස්කෘතික හා විනෝදාත්මක වැඩසටහන් ද ක්‍රියාත්මක වූ බව සඳහන් වේ.

පාසල් උපකරණ සහ ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග සිදු කිරීමද මෙහිදී සිදු කෙරුණ අතර, ඔවුන් සදහා අඛණ්ඩ රැකවරණය හා ජිවිතයට අවශ්‍ය මගපෙන්වීම සිදුකරන බව ඉමදුව පොලිස් ස්ථානාධිපති ජේ.සී අලවත්ත මහතා පැවසීය.

එම අවස්ථාවට සහකාර පොලිස් අධිකාරි රසිකා දමයන්ති, ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිලධාරි ප්‍රමිල් ආරච්චි එක් වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...