මිලියන 575 බදු වංචා චෝදනාවට ධම්මික පෙරේරාගෙන් පිළිතුරු ! (VIDEO)

Date:

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව ඇති බැලීස් පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 575ක හිඟ බදු මුදල් පිළිබඳ චෝදනාවට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ (06) පිළිතුරු ලබාදුන්නේය.

හිරු රූපවාහිනී නාලිකාවේ “සලකුණ” සම්මුඛ සාකච්ඡා වැඩසටහනට එක්වෙමින් ධම්මික පෙරේරා මහතා අවධාරණය කළේ තමන්ට නොව තම සහෝදරයින්ට අයත් එම සමාගමේ එකී බදු මුදල් 100%ක්ම ගෙවා අවසන් කර ඇති බවයි.

මෙම බදු වංචාව පිළිබඳ චෝදනාව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා විසින් මීට පෙර රූපවාහිනී වැඩසටහනකදී එල්ල කළ ආකාරය සලකුණ වැඩසටහනේදී යළි විකාශය කෙරුණු අතර ධම්මික පෙරේරා මහතා ඊට සවිස්තරාත්මකව පිළිතුරු ලබාදුන්නේ පහත පරිද්දෙනි.

“මේ රට හදන්න කතා කරන, දේශන තියන ධම්මික පෙරේරා. මේ ධම්මික පෙරේරාගෙ හපන්කම්. එයාගෙ එක කම්පැනි එකක් තියෙනවා, බැලීස් කියන සමාගම, ඔහුගේ මල්ලී තමයි මේක කරන් යන්නෙ, කැසිනෝ එකක් – මේ කැසිනෝ ගහලා හොයපු සල්ලි. බිස්නස් කරලාත් නෙවෙයි – මිලියන 575ක් ඔහු බදු ගෙවලා නෑ. මොකද එයානෙ මේ රට හදන්න කතා කරන්නෙ ? එයානෙ දැන් ඩොලර් බිලියනයක් ගේන්න කතා කරන්නෙ ? එයා මේ දේශනත් කරනවා 2030 රට හදන මොකක්ද එකක් ගැන. මම කියන්නෙ ධම්මික පෙරේරාට, ඔයා ඉස්සෙල්ලා බදු ගෙවලා ඉන්න” – දුමින්ද නාගමුව

ප්‍රශ්නය – දැන් මේ දුමින්ද නාගමුව මතු කරන කාරණාව. දැන් මේ පත්‍රිකාව මගෙ අතේ තියෙනවා. ඔබට අයත් බැලේස් පුද්ගලික සමාගම …

“නෑ, මගේ නෙවෙයි. ඇත්තටම මල්ලිලා දෙන්නාට තියෙන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ කුරුප්පු ආරච්චිගේ දොන් අනුරාධ පෙරේරා. ඒ කියන්නෙ ඔබේ සහෝදරයා ?

“ඔව්”

ප්‍රශ්නය – බිලියන 575 යි …. සාමාන්‍යයෙන් අපි දන්න …

“නෑ, මිලියන. මිලියන 575යි”

ප්‍රශ්නය – ඔව්, මිලියන. මිලියන 575ක බදු ආදායමක් හිඟවෙලා තියෙනවා. ඒ කියන්නෙ ගෙවලා නෑ කියන එක. ඉස්සෙල්ලා මේ කතාව පිළිගන්නවාද, ගෙවලා නෑ කියන එක ?

“නෑ, මම පිළිගන්නෙ නෑ. මෙහෙමයි චමුදිත, ඕක ඇත්තටම වෙන ප්‍රශ්නයක්. ඕක උසාවියට ගිය ප්‍රශ්නයක්. මොකක්ද හේතුව, ඒකත් ඔයාට කියන්නම්. මංගල සමරවීර …. – ඒ කියන්නෙ ඔය සාමාන්‍යයෙන් ගහන බදු තියෙනවා, ඊට පස්සෙ කේන්තියට ගහන බදුත් තියෙනවානෙ අර වන්ටයිම් ටැක්ස් කියලා. ඒ ගහපු ටැක්ස් එකක්. ඉතින් කේන්තියට බදු ගැහුවාම අනිත් පැත්තටත් කේන්ති යනවා. ඒ කියන්නෙ වන්ටයිම් ඒවානෙ. ඒගොල්ලො කොටස් වශයෙන් ගෙවාගෙන ගිය එකක් – මේ ගෙවාගෙන ගිය එකක් – නවත්තලා ඩිරෙක්ටර්ට නඩු දාන්න කියනවා මංගල සමරවීර. දාලා ඒ ඩොකියුමන්ට් එක අරගෙන මාධ්‍යයට නිකුත් කරනවා. මම නමත් එක්කම කියන්නෙ. ඉතින් ඊටපස්සෙ උසාවියට ගියාම උසාවියෙන්නෙ කියන්න ඕනෙ මොකක්ද කරන්න ඕනෙ කියලා … ඒ ගියත් ඒ 575 ගෙවන්න තියෙන එක, ඒකත් ගෙවලා තියෙන්නෙ චමුදිත”

ප්‍රශ්නය – ගෙවලා තියෙන්නෙ ??

“ගෙවලා තියෙන්නෙ …. “

ප්‍රශ්නය – ඒ කියන්නෙ එතකොට ගෙව්වෙ නැත්තෙ මොකක්ද ? මේ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධ ….

“චමුදිත, කම්පැනි එකක් ටැක්ස් ගෙවන්න ඕනෙ කම්පැනි එක. ඒකෙ ඩිරෙක්ටර්ස්ලාට නඩු දාලා හරියනවාද ? නඩු දාලා හරියන්නෑ නෙ ? ඉතින් ඩිරෙක්ටර්ස්ලාට නඩු දැම්මාම උසාවියෙන් ඒකට ටයිම් අරගෙන යනවා. ඒ සහෝදරයින්ට හම්බෙන ලෝයර්ස්ලාගෙ අනුදැනුම ඇතුවනෙ ඊටපස්සෙ වැඩ කරන්නෙ. හැබැයි ඒත් මේ ප්‍රශ්නෙදී, මේක ප්‍රශ්නයක් කියලා කිව්වාම ඒගොල්ලො කිව්වා ‘ඒත් අපි ගෙවලා දාන්නම්’ කියලා. ඒ අනුව ගෙවලා තිබුණෙ චමුදිත … මේ ව්‍යාපාරික මට්ටමට ආවාම මිනිස්සු ඔය බදු කියන එක වියදමක් හැටියට සලකනවා මිසක් අපේ ළඟ ඔය නෑදෑයො, යාළුවො එහෙම එකවුන්ට්ස් ඩිපාට්මන්ට්ස්වල නෑ. 100%ක් වෘත්තීයමය පිටස්තර අය ඉන්නෙ. එතකොට ඒ මිනිස්සුන්ට කියන්න පුළුවන්ද ටැක්ස් ගෙවන්න එපා කියලා ?”

ප්‍රශ්නය – එතකොට මේ සිද්ධියට සම්බන්ධ බැලීස් පුද්ගලික සමාගමේ ගෙවිය යුතු සියලුම බදු මුදල් ගෙවලා ඉවරයි ?

“100%ක් ගෙවලා තියෙන්නෙ”

ප්‍රශ්නය – මේ සිද්ධිය රටේ ආන්දෝලනයට ලක්වුණාට පස්සෙ ගිහින් ගෙව්වා ? එහෙමද ??

“මෙහෙමයි, ගෙවන්න අවශ්‍යතාවයක් නෑනෙ චමුදිත උසාවියක තියෙද්දී ? ඒත් ගෙවලා තියෙන්නෙ ! ඒ කාලය ගියෙ උසාවියෙ තිබුණු නිසා …”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...