බොරිස් ජොන්සන් අවුරුද්දකට අගමැති පුටුව රැක ගනී

විස්වාසය පළකිරීමේ යෝජනාවෙන් බලය තහවුරු කර ගැනීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමත් වී තිබේ.

කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුල ඉදිරිපත් වූ විස්වාසය පළකිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 211 ක් ලැබුණු අතර මන්ත්‍රීවරුන් 148 ක් ඊට එරෙහි වී තිබෙනවා.

එ් අනුව මන්ත්‍රීවරුන් 211 කගේ සහාය අගමැතිවරයාට හිමි වේ.

කොන්සර්වේටිව් පක්ෂ ව්‍යවස්ථාව අනුව ඉදිරි මාස 12 ක කාලය තුළ පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු නොවනු අැත.

එ් අනුව බොරිස් ජොන්සන් කිසිදු ගැටලුවකින් තොරව ඉදිරි වසරක කාලය අගමැතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අවස්ථාව හිමි වේ.

කෙසේ නමුත් අගමැතිවරයාට පක්ෂය තුළ හිමිව තිබූ බහුතර බලය ක්‍රමයෙන් අහිමිවෙමින් යන බව විස්වාස භංග යෝජනාවෙන් පැහැදිලි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...