බුද්ධිමත් පරපුර රට හැර යනවා. බුද්ධි ගලන ඛේදවාචකය අතළඟයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපේ රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධිගලන ඛේදවාචකයට ලංකාව මුහුණ දෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ගුවන් සේවා ආයතන ආයතනවල කොටස්කරුවන්,පාර්ශවකරුවන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (06)කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සිදුවිය.

ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සහ මාර්ග සිතියමක්, කාල වකවානු සහිතව ක්‍රියාත්මක නොකරන තාක්කල් අපේ රට ගොඩනැගිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ උදෙසා අලුත් වරමක් සහිත, ස්ථාවර රජයක් අවශ්‍ය බවත් එසේ නොකර ජනතාව ඇන්දවීමෙන් මේ රට ගොඩනැගිය නොහැකි බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...