ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව අධිකරණ නියෝගයක්

Date:

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීමේ තීරණය ජුනි 20 වනදා දක්වා අත්හිටුවීමටයි.

ඒ මහතා ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුරයක් භාරගැනීම නිසා ඒ මහතාව තම පක්ෂයේ සියලු තනතුරුවලින් නෙරපා හැරීමට ශ්‍රීලනිපය තීරණය කර තිබිණි.

කෙසේවෙතත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමන්ව එසේ තනතුරුවලින් ඉවත්කිරීමේ බලයක් පක්ෂ සභාපතිවරයාට, ලේකම්වරයාට හෝ මධ්‍යම කාරකසභාවට නොමැති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...