මහබැංකු අධිපති නන්දලාල් වාණිජ බැංකු සභාපතිවරුන්ව පුදුම කළ හැටි …

Date:

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ වාණිජ බැංකු සභාපතිවරුන් අතර හමුවක් ඊයේ (06) පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුවේදී පැවති මෙම හමුවට සියලුම බැංකු සභාපතිවරුන් සහභාගී වී ඇත.

එහිදී නන්දලාල් වීරසිංහ මහතා සාකච්ඡාව ආරම්භ කර ඇත්තේ තමන් ඊට මොහොතකට පෙර විදෙස් තානාපතිවරුන් 75 දෙනෙකු සමග zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිරත වී සිටි බව කියමිනි. බැංකු සභාපතිවරුන්ට එසැණින් සිනහ ගොස් ඇත්තේ මෙය ඇසූ පමණින් ගල් පැළෙන බොරුවක් බව තේරෙන නිසාය. තානාපති කාර්යාල 75ක් මෙරට ඇතිද යන්න පවා ප්‍රශ්නයකි.

රටේ පවතින ආර්ථික තත්වය අනුව ඉදිරි බැංකු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කර බැංකු සභාපතිවරුන්ව ගෙන්වා ගත්ත ද නන්දලාල් වීරසිංහ මහතා සහ තවත් නිලධාරිනියක් දිගින් දිගටම කතා කළා විනා බැංකු සභාපතිවරුන්ට එහිදී කතා කිරීමට කිසිදු අවස්ථාවක් ලබාදී නොමැත. බැරිම තැන් එක් බැංකු සභාපතිවරයෙකු “අපටත් කතා කරන්න අවස්ථාවක් දෙන්නැයි” කෙළින්ම ඉල්ලා ඇති බවත් වාර්තා විය.

එසේ තිබියදීත් දිගටම කතා කර ඇති නන්දලාල් වීරසිංහ මහතා එක්වරම බැංකු සභාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ උණ්ඩියෙල් ක්‍රමයට මෙරට විදේශ විනිමය හුවමාරුව සඳහා ඉඩ නොතබන ලෙසයි. එහිදී බැංකු සභාපතිවරුන් පුදුමයට පත්ව ඇත. ඒ, උණ්ඩියෙල්, හවාලා වැනි නීතිවිරෝධී විදේශ විනිමය හුවමාරු ක්‍රම නැවැත්වීම ශ්‍රී ලංකා මහබැංකුවේ රාජකාරියක් විනා වාණිජ බැංකුවල රාජකාරියක් නොවන නිසා ය. එක් බැංකු සභාපතිවරයෙකු එය කෙළින්ම නන්දලාල් වීරසිංහ මහතාට ප්‍රකාශ කළ බවත් සඳහන්.

ඉන් අනතුරුවත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා මේ වනවිට රටේ උද්ධමනය 40% ඉක්මවා ගොස් ඇති බවත් බිලියන 07ක මුදල් අඩුවක් වෙළඳපොලේ ඇති බවත් යනාදී වශයෙන් ආර්ථිකයේ තත්වය විස්තර කර ඇත.

මෙහිදී එක් බැංකු සභාපතිවරයෙකු නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසා ඇත්තේ මේ වනවිට බැංකු පොළී අනුපාත 20% ඉක්මවා ඇති තත්වයක් තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති තත්වයක් තුළ මේ වසර අවසන් වනවිට සාමාන්‍යයෙන් බැංකුවල ලාභාංශ කොතරම් වනු ඇතිද යනුවෙනි.

“ඕවා අහන්න එපා, ඕවා අහන්න එපා, ඕවා ජෙනරල් දේවල්” යනුවෙන් මහබැංකු අධිපතිවරයා එම ප්‍රශ්නයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඇත.

එහිදී පෙර ප්‍රශ්නය නැඟූ බැංකු සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ ඒවා අහන්න එපා යැයි කීමට නොහැකි බවත් රාජ්‍ය බැංකුවලට නම් ඒවා නොඅසා සිටින්නට හැකි වුවත් පෞද්ගලික බැංකුවල කොටස් හිමියන් ඒ සම්බන්ධයෙන් උනන්දු බැවින් ඒවා නොඅසා බැරි බවත් ය.

ඉන් අනතුරුව නැවතත් සිය සුපුරුදු වාගාඩම්බරය අරඹා ඇති මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වර්තමාන මූල්‍ය අර්බුදය මාස තුනක් තුළ අවසන් වන බවකි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිටව යද්දී බැංකු සභාපතිවරුන් දෙදෙනෙකු කතා වි තිබුණේ “රාජපක්ෂලා මේ වගේ අයගේ ලණු කාලා තමයි හැමදාම කෙළවාගත්තේ, මෙයාත් වැඩේ හොඳටම කරයි” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...