*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

යොවුන් නෙට්බෝල් කණ්ඩායමට එකම පවුලකින් ලැබුණු තෑගි දෙකක්

ජුනි 10 දා ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය කොරියාවේ ජෙඔන්ජු හී ආරම්භ වීමට නියමිතයි.එම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුරක්ෂිත කිරීමට දෙයාකාරයකින් දායක වන, එකම පවුලකින් රටේ නෙට්බෝල් සඳහා ලැබුණ තෑගි දෙකක් තියෙනවා.එක තෑග්ගක් ආසියානු කුසලානය ගෙන එන්න යන්න බල ඇණියෙ උප නායිකාව.නෙත්මි විජේනායක.නෙත්මිගෙ අක්කා ඩිල්මි විජේනායක අනෙක් තෑග්ග.


කොළඹ මියුසියස් විද්‍යාලයෙන් නෙට්බෝල් පිටියට දායාද කරන මේ යොවුන් නෙට්බෝල් තරු දෙකට,තරු වර්ණ ගල්වා තිබෙන්නේ දීපි ප්‍රසාදිගේ මඟ පෙන්වීම යටතේ.විද්‍යාලය වෙනුවෙන් ඊට සහය දැක් වූ පුහුණුකාරිය ශ්‍යාම් දෙහිගස්තැන්නයි.
නෙත්මි කියන්නෙ ඒ මඟ පෙන්වීම තව දුරටත් වර්ධනය කර ගන්නට පසුගිය මාස කිහිපයේ ජාතික කණිෂ්ඨ කණ්ඩායමේ අමල්කා ගුණතිලක පුහුණුකාරියගෙන් වගේම ශෂී සමරසිංහ සහය පුහුණුකාරියගෙන් ලැබුණ සහයත් විශාල බවයි.


“අමල්කා මිස් අවුරුදු ගාණක් එයාගෙ ටීම් එකට ජාතික සූරතාවය දිනා ගන්න පාර පෙන්නුව කෙනෙක්.ශෂි මිස් කියන්නෙ අවුරුදු ගාණක ශ්‍රී ලංකාවට ගහපු,නායකත්වය දීපු කෙනෙක්.ඒ වගෙම අපි ජූනියර් චැම්පියන්ස් වෙච්චි අවස්ථා තුනෙන් 2002 ශෂී මිස් තමයි කැප්ටන්.ඒ නිසා එයාගෙ තරග අත්දැකීම් ෂෙයාර් කරගන්න එක අපිට හරියට මේ පුහුණුවීම්වලදි වැදගත් වුණා.”


නෙත්මි පවසන්නේ ඒ මත පුහුණුව අරඹන විට සිටිය කණ්ඩායමට වඩා මේ කණ්ඩායම බොහෝ සෙයින් ඉදිරියෙන් තිබෙන බවයි.විශේෂයෙන්ම ජාතික කණ්ඩායම සමඟ තරග අත්දැකීම් ලබා ගන්නට ලැබුණ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් තමන්ට ලබා දුන්න ඒ අයගේ අත්දැකීම් ඉතාමත් වැදගත් වනු ඇති බවත් නෙත්මි පවසන්නේ මෙවර සූරතාව ලංකාවට රැගෙන එන්නට ස්ථීර වශයෙන්ම සිය කණ්ඩායමට හැකි බවට කණ්ඩායමේ සියලු දෙනා තුළම දැඩි අධිෂ්ඨානයක් ඇති කර තිබෙන බවය.


“මතක් කරන්නම ඕනි කාරණය තමයි තිලකා මිස්.එයාගේ ඉහළ දැණුම අපට හොඳටම ලැබුණා.සීනියර් අක්කිලාගෙ අත්දැකීම් එක්ක වගෙම තරගයකදි අපි ක්‍රියාත්මක වෙන්න ඕනි හැටි ගැන හොද අවබෝධයක් තිලකා මිස් අපට ලබා දුන්නා.ආසියාවේ සූරියන් වෙච්චි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වගේම ඒ පුහුණුකාරියගෙන් ගුරුහරුකම් ලබන්න හැකිවීම නිසා අපි විශාල විශ්වාසයකින් ඉන්නවා.
නෙත්මි ඒ වගෙම තමන්ට ලැබුණ උප නායකකම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.ඒ වගෙම ලැබී තිබෙන කණ්ඩායම මේ වන විට එකිනෙකා කෙරෙහි තදින් බැදී ඇති බවත් සියලු දෙනා තරගාවලිය දිනන බවට දැඩි විශ්වාසයකින් සහ අධිෂ්ඨානයකින් පසුවන බව ද පවසන නෙත්මි,සුරතාව අනිවාර්යෙන්ම රැගෙන එන කණ්ඩායමක උප නායිකාව හැටියට ඉන්නට ලැබීම වාසනාවක් බවද පවසනවා.
“විදූෂා අක්කි ජාතික කණ්ඩායමට ගහපු කෙනෙක්.ඒ වගෙම කැප්ටන් කරන්නෙ සජිනි අක්කි.එයත් ජූණියර් ඒෂියන් ගහපු කෙනෙක්.ඒ අයගෙ අත්දැකීම් අපේ කණ්ඩායමට ලැබෙන එකත් මේ තරගාවලියෙදි වැදගත්.”
එසේම මෙම කණ්ඩායම තේරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී තත්වයන් කණ්ඩාම කොයි ආකාරයකට බලපෑවා ද කියන එකත් අපි නෙත්මිගෙන් ඇසුවෙමු.
“එහෙම ප්‍රශ්න තිබුණා.ඒත් ඒවා කණ්ඩායම් සංචිතය ඇතුළට ගේන්න කවුරුත් කටයුතු කළේ නැහැ.ජනවාරි ඉදලා කණ්ඩායමක් හැටියට එකට වැඩ කරා.සමහර අයට අවසාන තේරීම්වලදි යන්න වුණා.නමුත් අපි ඒ කිසි ප්‍රශ්නයක් අදාළ කර ගත්තෙ නැහැ.පුහුණුකාරියොත් ඉන්න සංචිතයට හොදටම පුහුණු කරා.ඒ නිසා මිස්ලවත් අපිවත් තේරීම් ගැන වද වුණේ නැහැ.මේ වන විට මම හිතන්නෙ මේ සංචාරයට සුදුසුම කණ්ඩායම ලැබිලා ඉන්නවා කියලයි.”
නෙත්මි පවසනාකාරයට මෙවර ශ්‍රි ලංකාව සතුව සිටින්නේ ආසියාවේ මේ මොහොතේ සිටින හොඳම යොවුන් නෙට්බෝල් කණ්ඩායමයි.ඩිල්මි ද සිය උපනායිකා නැගනියගේ අදහසේම එල්ඹ සිටිනවා.
“අවුරුදු තුනකට පස්සෙ කොවිඩි වගෙ ප්‍රශ්න නිසා මේ තරගාවලිය පැවත්වෙන්නෙ.ලෝකෙ හැමෝටම බලපාපු ප්‍රශ්නයක් නිසා මේ ප්‍රශ්නය හැමෝටම ඇති.හැබැයි අපි වාසනාවන්ත වුණා හොඳ පුහුණු උපදේශකත්වයක් යටතෙ වැඩ කරන්න.හොදම ටීම් එකත් එක්ක එකට ප්‍රැක්ටිස් කරන්න.ඒ නිසා අපි ඉන්නෙ ලොකු විශ්වාසයකින්.අනිවාර්යෙන්ම අපිට දිනන්න පුළුවන්.


ඩිල්මි අක්කා වුව ද,ඒ වසරක පරතරය නිසා ඇයට අවුරුදු 16 න් පහළ දකුණු ආසියාතික තරගාවලිය අහිමි වෙනවා.එහි නායිකාව වීමෙන් නෙත්මිට ජාතික කණ්ඩායමක නායකත්වය දෙන්නට ලැබීමේ අවස්ථාවත් මේ උප නායකත්වයට හේතුවක් වෙනවා.එහිදී සුරතාවය දිනා ගැනීමට සමත්වීම වගේම අමල්කා ගුණතිලක පුහුණුකාරිය සමඟ ඒ තරගාවලියේ සිටම එක්ව වැඩ කරපු අතඅදැකීම් ද නෙත්මි සතු වෙනවා.”
“එයා යටතෙ ඉන්න වීම ගැන අක්කා කෙනෙක් හැටියට ප්‍රශ්නයක් නැහැ.ගෙදරත් ඉතිං එයා මාව පාලනය කරනවා.(හිනා වෙමින්).ඇත්තටම නංගිට ඒ දේ ලැබුණ එක සතුටුයි.ඒ වගෙම එයා ඒකට සුදුසුයි.අපි දෙන්න අවුරුද්දයි වෙනස්.ඒ නිසා යාළුවො වගෙ පොඩි කාලෙ ඉදලම එකට සෙල්ලම් කරන්නෙ.”
ඩිල්මි සහ නෙත්මි සෙල්ලම් කරනවා වගේම කුඩා කාලයේ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකාවට නෙට්බෝල් ක්‍රීඩා කරපු ඩිලානි (අම්මා) වගේම මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට හොකි ක්‍රීඩා කරපු සජිත් (තාත්තා) වීමත් ඔවුන් දෙදෙනාට විශාල භාග්‍යයක් උදා කර ඇත.


“දෙන්නම ස්පෝර්ට්ස් කරලා තියෙන නිසා හොද අවබෝධයකින් අපට උදව් කරේ.අපේ වැඩවලට එයාලගෙ වැඩ කැප කරලා අම්මයි තාත්තියි පස්සෙන්ම වැටිලා හිටියා.අම්මටත් වැඩිය සමහර වෙලාවට තාත්තා නෙට්බෝල් ගැන කරුණු හොයලා දැනගෙන අපි එක්ක කතා කරනවා.ඒ දෙන්න තමයි මේ සාර්ථකත්වයේ ප්‍රධානම දායකයො.ක්‍රීඩා කරන්න උදව් කරන හොඳ ගෙදරක්,ක්‍රීඩාවකින් ඉස්සරහට යන්න අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.”
ඩිල්මි සහ නෙත්මි දෙදෙනාම පවසන ඊ ලඟ සාර්ථකත්වයේ රහස මියුසියස් විද්‍යාලය යි.කුඩා අවදියේ සිටම තමන්ට නිසි අවස්ථාව දෙමින් හැම අතින්ස රැක බලා ගත් මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය,ගුරු මව්වරු පියවරු මෙන්ම සහෝදර සිසුවියන ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයද ක්‍රීඩා ජිවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වා ඇති බව ඔවුන් දෙදෙනාගේම අදහසයි.


“අපිට ෆස්ට් රවුන්ඩ් සිංගප්පූරුව හම්බ වෙනවා.ඒ අයව පරද්දන්න ඕනි.එතකොට අපිට ෆයිනල් එන්න පහසුයි.බොහෝ වෙලාවට අපිට ෆයිනල් හම්බවෙන්න පුළුවන් සිංගප්පූරුව හරිි මැලේසියා හරි.අපි අවසානය වෙනකම් එක තරගයක්වත් පරදින්නෙ නැතුව දිනන්න පුළුවන් කියලා විශ්වාස කරනවා”
ඩිල්මි නෙත්මිගේ සහය ද ඇතුව වැඩිම වරක් සූරතාවය දිනා ඇති මැලේසියාව මෙන්ම ආසියාවේදී ශ්‍රී ලංකාවට තර්ජනයක් වන ඔවුන් සහ සිංගප්පුරු නෙට්බෝල් සංස්කෘතීන් ගැන අවධානය යොමු කරමින් පවසන්නීය.


“ඒ රටවල්වලට අපිට තරම් උස ක්‍රීඩිකාවො නැහැ.ඒ නිසා එයාල ස්පීඩ් ප්ලේ කරන්නෙ.අපිට පුළුවන් ඒ වගෙ වෙලාවට රිදම් එක වෙනස් කරලත් අපේ පැත්තට ටිම් එක ගන්න.අමල්කා මිස්,ශෂි මිස් වගේම තිලකා මිස් අපිට කරපු දේවල්වලින් අපි පිසිකලි වගේම මෙන්ටලි ගත්තත් හොඳ තැනක ඉන්නවා.ඒ නිසා මැච් එක අතට ගන්න පුළුවන් උපක්‍රම ගොඩක් අපිට සීනියර් අක්කිලත් කියා දිලා තියෙන නිසා හොද විශ්වාසයකින් ඉන්නවා.”


ඒ ආකාරයටම ඩිල්මි පවසන්නේ ඩිල්මි පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම උස ඇති ක්‍රීඩිකාව වන මිනාගි කන්කානමගේ 6.1’ උස බවය.මිටිම ක්‍රීඩාකාව වන්නී රනුදි පෙරේරා ය.ඇය 5.6’ පමණය.මේ නිසා උස වේගය දරා ගැනීම අතින් මෙන්ම කණ්ඩායමකට නොලැබුණු හොඳ අත්දැකීම් මුසු පුහුණුවත් සමඟ ඩිල්මි සහ නෙත්මි පවසනාකාරයට මෙවර ආසියානු යොවුන් කුසලානය හිමිවන්නේ ශ්‍රී ලංකාවටය.
“මේක ටීම් එකේම අදහස.අපි හොද බැදීමකින් සහ විශ්වාසයකින් ඉන්නවා.අපේ කෝච්ලා දෙන්නයි නෙට්බෝල් එකයි අපිට හොදට පාර පෙන්නුවා.බලා ගත්තා.අපි ඒ කරපු දේවල්වලට කෘතගුණ සළකන්නෙ මේ පාර ආසියානු යොවුන් කුසලානය ලංකාවට ගෙනත්”
අපි ඔවුන්ට සුබ පතමු! කුසලානය රැගෙන එන තෙක් අපි මඟ බලා සිටින්නෙමු!

සටහන – නිශ්මං රණසිංහ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan