හර්ෂට තියෙන තර්ජන හොයන්න CID එකට භාරවෙයි!

Date:

කොළඹ LNW:සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුඅක්රන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව වාර්තා වෙයි.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහටහ විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දෙන ලද උපදෙස් අනුවය.

හර්ෂ ද සිල්වා මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී තමන්ට ඇති තර්ජන සම්බන්ධෙන් ප්‍රකාශයක් කළ අතර ඊට මුදල් කාරක සභාවේ සභාපති ධූරය දැරීම හේතුවක් වී ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර එහි කටයුතු කරගෙන යාමේදී ඇති වූ බාධාවන් ගැනද මන්ත්‍රීවරයා පැවසූ අතර සමඟි ජන බලවේගයේ නායක ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඒ ගැන අවධානය යොමුකර තිබුණි.

ගල් අඟුරු ප්‍රශ්නය, සීනි වංචාව හා මහ බැංකුවේ වැටුප් ප්‍රශ්න පිළිබඳව මුදල් කාරක සභාවෙන් දිගින් දිගටම කතා කළ බවත් ඒ හේතුවෙන් තමා ප්‍රශ්න රැසකට මැදි වූ බවත් හර්ෂ ද සිල්වා මහතා මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ තම ජීවිතයට යම් බලපෑමක් එල්ල වුවහොත් කථානායකවරයාට ද එහි වගකීමක් ඇති බවයි ඔහු කියා සිටියේ.

මන්ත්‍රීවරයා පවසන පරිදි ඔහුව මුදල් කාරක සභාවෙන් ඉවත් කිරීමේ උත්සහයක් පවතින අතර තමන්ගේ සේවය අවශ්‍ය නැත්නම් ඉන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවද හෙතෙම පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...