මහ බැංකුවෙන් නිවේදනයක්!

0
332

සටහන – රෂිකා හෙන්නායක ජුනි 08 , කොළඹ (LNW):

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරන අතර, 2024 මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ බව ද පැවසේ.

2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 කි.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එය 2023 ජනවාරි – මැයි මාස හා සසඳන විට 11.8%ක වැඩිවීමක් බවයි.