සෞඛ්‍ය ඇමතිගේ උත්සවයේ කන්න දුන් ආහාර විසවී 200කට ආසන්න පිරිසක් රෝහලේ!

Date:

කොළඹ LNW:සංචාරක මාර්ගෝපදේශකයන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ උත්සවයක් පසුගිය 31 දා ගල්කිස්ස බර්ජියා මවුන්ට් රෝයල් හෝටලයේ දී පැවති අතර ඊට සහභාගි වූ මාධ්‍යවේදීන්,සංචාරක මාර්ගෝපදේශකයින්,අමාත්‍යාංශ නිලධාරී ඇතුළු 200 කට ආසන්න පිරිසක් එහිදී ලබා දුන් ආහාර ගැනීමෙන් පසුව දැඩිව අසනීපව රෝහල් ගත කර තිබේ.

මේ පිළිබඳව රත්මලාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සතියක් ගතවී ඇතත් මෙම උත්සවය සංවිධානය කළ කර්මාන්ත අමාත්‍යාංශය මෙම උත්සවයට සහභාගි වී මෙසේ අසනීප වු පිරිස පිළිබඳව මෙතෙක් කිසිදු සොයා බැලීමක් හෝ ප්‍රතිකාර ලබාදීමක් සිදුකර නොමැත. රෝගී තත්වයට පසුවූ සමහරෙක්ට දවසට 35-30 වාරයක් බඩඑලිය යන තත්වයක් ඇතිවී තිබේ.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගි වීමට නියමිතව තිබූ මෙම උත්සවය සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද සහභාගි වී ඇත. අමාත්‍යාංශය විසින් එවන ලද ආරාධනාවක් මත එම උත්සවයේ මාධ්‍ය ආවරණය සඳහා මාධ්‍යවේදීන් 8 දෙනෙකුද සහභාගි වී අතර එම උත්සවය අවසානයේ ලබා දුන් රාත්‍රී ආහාරයෙන් පසුව එම ආහාර ලබාගත් මාධ්‍යවේදීන්, සංචාරක මාර්ග උපදේශකයින් ඇතුළු දෙසීයකට ආසන්න පිරිසක් දැඩි ලෙස රෝගාතුර වී තිබේ. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළුව පුද්ගලික රෝහල්වලද මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කර්මාන්ත මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාද වන රමේෂ් පතිරණ මහතා මෙම උත්සවය සඳහා එම අවස්ථාවේ සහභාගි නොවුනද ඔහුගේ සහභාගීත්වය දන්වා අමාත්‍යංශය එවූ ලිපියකට අනුව එම උත්සවය ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහාවත් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කිසිදු ආකාරයකින් මැදිහත්වීමක් සිදු නොකළ බව මාධ්‍යවේදීහු චෝදනා කරති.

එසේම තමන්ට මෙම උත්සවය සඳහා ආරාධනා කළේ ලක්සල ආයතනය බව පවසන සංචාරක මාර්ගෝපදේශකයින් සංචාරකයන් හරහා ලක්සලට විශාල ආදායමක් ලබාදෙන තමුන් පිළිබඳවද මෙතෙක් කිසිදු නිලධාරියෙක් සොයා නොබැලූ බවද පවසති. මෙම විෂ සහිත ආහාර ලබා ගැනීම නිසා පාචනය අමතරව විවිධ සංකූලතා ඇති වූ බව පවසන පිරිස තමන්ගේ වියදමින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බව පවසන්නේ කණගාටුවෙනි.

කාර්මික සංවර්ධ මන්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාද මෙම ආහාර ගැනීම් නිසා අසනීප වී ඇත. එමෙන්ම මෙම හෝටලයේ කළමනාකාරීත්වයද සිද්ධිය සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...