කොළඹ LNW:හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් කර තිබෙන වත්මන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටියි.
ඒ අනුව නියත වශයෙන්ම තමන් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීම නියත බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.
විශේෂයෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දිනෙන් දින උණුසුම වැඩිවෙමින් තිබෙන පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පාර්ශවය ප්රමුඛ නව සන්ධානයේ රැළිය ද අද (08) ”දිනුම රටට – එක්ව පෙරට” යන මැයෙන් හම්බන්තොටදී පැවැත්වෙයි.
ආශිකා බ්‍රාහ්මණ