පුත්තලමේ දී රශ්මි ගේ රැස් වලින් සූරතා දෙකක් සැරසෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 08, කොළඹ (LNW):

වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත කාන්තා ඒකල ශූරතාව දිනා ගත් රශ්මි භාග්‍යා කාන්තා යුගල සූරතාවය ද වරංගනා ජයවර්ධන සමඟ එක්ව දිනා ගනු ලැබුවා.එසේම පිරිමි යුගල සූරතාවය මධුක දුලාංජන සමඟ එක්ව දිනා ගත් ලහිරු මධුශාන් වීරසිංහ මිශ්‍ර යුගල සූරතාවයට ද ඉරුෂි අමන්දි සමඟ දායක වුණා.


තරගාවලියේ පිරිමි ඒකල සූරතාවය දිනා ගන්නට ශෙනුක් සමරරත්න සමත් වූ අතර අවසන් මහා තරගයේදී තිළිණ රාජකරුණා ලකුණු 21-19ක්, 19-21ක් සහ 21-16ක් ලෙස පරාජය කිරීමට ශෙනුක් සමත් විය. , විවෘත කාන්තා ඒකල ශුරතාව රශ්මි භාග්‍යා දිනා ගත්තේ ලකුණු 21-11ක් සහ 21-17ක් ලෙස ජනනුවනි ද අල්විස් පරාජයට පත් කරමින්ය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-17ක් සහ 21-16 ලෙස රොෂාන් පද්මකුමාර සහ සුපුන් ලක්රංග පියරත්න පරාජයට පත් කරනු ලැබූ මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් වීරසිංහ විසිනි. රශ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන ලකුණු 21-16ක් සහ 21-7 ලෙස නිලාසි බාලසූරිය සහ ජනනුවනි අමන්දා ද අල්විස් පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශුරතාව දිනා ගත්හ. ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස විදූ මන්දීව් ලියනගේ සහ නිලාසි බාලසූරිය පරාජය කළ ළහිරු මධුෂාන් වීරසිංහ සහ ඉරූෂි අමන්දි විවෘත මිශ්‍ර ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.


සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ තරග ඉසව්වේදී බාලක ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 20-22ක්, 21-15ක් සහ 21-13ක් ලෙස රෙෂාන් හරිත් පරාජයට පත් කළ තිළිණ රාජකරුණා විසිනි. එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශූරතාව සඳති දෙව්මිණි විසින් දිනාගනු ලැබුවේ ලකුණු 21-13ක් සහ 21-13ක් ලෙස රුක්ෂිකා බාස්කරන් පරාජයට පත් කරමිනි. අචින්ත්‍ය ඉමේෂක් සහ පසිඳු මිහිරංගට එරෙහිව ලකුණු 21-19ක්, 18-21ක් සහ 21-14ක් ලෙස ජය ලැබූ රිතිර සෙන්දිල් අබේගුණවර්ධන සහ තෙනුල් රන්සජ ගනේවත්ත අවුරුදු 19න් පහළ බාලක යුගල ශූරතාව දිනාගත්හ.


කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග, විවෘත තරග සහ පළඟ කාණ්ඩයේ තරග ඇතුළත් සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාග, පදක්කම් සහ සහතික පත් බෙදා දුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...