හරීන් ප්‍රනාන්දුත් අත්අඩංගුවට ??

Date:

හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ, පසුගිය වසරේ මැද භාගයේ ගාල්ල ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රදර්ශනයක සහ සංගීත සංදර්ශනයක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධ චෝදනාවකට අදාළව ය.

තරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීමේ තේමාව යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් ගාල්ල සමනල ක්‍රිඩාංගනයේ පැවැත්වූ ”ස්මාර්ට් යුත්” ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබා ගන්නට පෙර, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සහ ඵලදායී නොවන ආකාරයෙන් රුපියල් තුන්කෝටි දාහතර ලක්ෂ, දාහත් දහස් හත්සිය හැත්තෑ අටක මුදලක් (31,417,778 ) වැයකොට ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.

2024 ජූනි 14 හා 15 යන දෙදින තුළ මෙම ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගිත ප්‍රසංගය පවත්වා තිබුණු අතර එසේ පවත්වා ඇත්තේ මේ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශ අනුමැතිය ලැබිමට පෙර හා අමාත්‍ය මණ්ඩල තීරණය ජාතික තරුණ සේවා සභාවට දැනුම් දිමට පෙර ය.

මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය සදහා 2024 ජුලි මස 15 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ඒ බව ජාතික තරුණ සේවා සභාව වෙත දැනුම් දී ඇත්තේ 2024 ජුලි මස 23 වනදා ය.

මෙම ප්‍රදර්ශනය සහ සංගිත ප්‍රසංගය පැවැත්වීමට අදාළව අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක්ම එල්ල වී ඇති බවත් මේවා සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාව ළඟදීම කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...