සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතා හේතුවෙන් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයන් 2000ක් යොදවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයන් වැටලීමට එරෙහිව මහජන විරෝධය උත්සන්න වීමත් සමඟ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොස් ඇන්ජලීස් එත ජාතික ආරක්ෂක භටයන් 2000ක් යොදවා ඇති බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා(06) ලොස් ඇන්ජලීස් හි ගිනිකොන දෙසින් පිහිටි බහුතර ලතින් ඇමරිකානුවන් වෙසෙන පැරාමවුන්ට් ප්‍රදේශයේ හා විවිධ ස්ථානවල ආගමන වැටලීම් සිදු කිරීමේදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමඟ විරෝධතාකරුවන් ගැටීම හේතුවෙන් මෙම නොසන්සුන්ත ඇතිවිය.

පැය ගණනක් පුරා පැවති ගැටුමකදී, කැරලි මර්දන ආම්පන්න සහ ගෑස් මුහුණු ආවරණ පැළඳ සිටි දේශසීමා මුර සංචාර නිලධාරීන් උද්‍යානයෙන් පිටත මුර කරමින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබිණ.

මේ සම්බන්ධයෙන් කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, X හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, කැලිෆෝනියා ජාතික ආරක්ෂක භටයන් විසින් අත්පත් කර ගැනීමට සුදානම් බවත්, මෙම බලමුළු ගැන්වීම හිතාමතා ගිනි අවුලවන බවත්ය.

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද මේ සම්බන්ධයෙන් X හි සඳහන් කර තිබුණේ, ජාතික ආරක්ෂක භටයින් වහාම බලමුලු ගන්වමින් සිටින බවත්, නොසන්සුන්තාව දිගටම පැවතුනහොත් ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින මැරීන් භටයින් යවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...