පාරේ බස් වගේද බං එයාර් බස් ? වෙලාව ලැබුණු ගමන් ගාණ කපාගන්න ඕනේ ….

Date:

රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් එයාර් බස් ගුවන්යානයක් මෙරටින් පිටවීමට ඉඩනොදී රඳවාගැනීමෙන් උද්ගත වූ ගැටළුව මේ වනවිට යම් මටම්මකින් විසඳී තිබේ.

අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩින් ලිමිටඩ් සමාගම විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කොළඹ වාණිජ මහාධිකරණය විසින් මෙම ගුවන්යානාව මෙරටින් පිටවීම වළක්වාලමින් වාරණ නියෝගයක් පසුගිය ජුනි 02 වනදා නිකුත් කරන ලද අතර ඉන්පසුව සිදුවූ උණුසුම් සිදුවීම් දාමයකින් අනතුරුව ජුනි 06 වනදා එම නියෝගය අත්හිටුවන ලදී.

මෙම සමස්ත සිද්ධියේ ඇති පැටළිලි සහගත තැන් බොහෝ ය.

කෙසේවෙතත් මේ ප්‍රශ්නයට මුල ලංකාවේ සුප්‍රකට නීතීඥ සමාගමක් විසින් සිය සේවාදායකයා වෙනුවෙන් සිදුකළ නීතිමය කටයුත්තකි. එයින් අවසානයේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ පළුද්දක් ද ඇතිකෙරිණි.

අදාළ ගුවන්යානය මෙරටින් පිටවීම වැළැක්වීම සඳහා නියෝගයක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොස් තිබුණේ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියා ය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන්ගමන් පාලකවරයා ඇමරිකානු ද්විත්ව පුරවැසියෙකු වන අතර පිස්කල්වරයා එහි පැමිණෙද්දී “ආ ….. ගේන්න, ගේන්න. අපි මේක ගේනකල් තමයි බලාගෙන හිටියේ” යැයි කියමින් සාදරයෙන් පිළිගෙන තිබුණු බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ජුනි 03 වනදා වනවිට මෙම ගුවන්යානයේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහ දේශපාලන මට්ටමින් ඇවිළෙන්නට පටන් ගත් අතර එහිදී කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ තමන් වාරණ නියෝගයක් නිකුත් නොකළ බවකි. කෙසේවෙතත් පෙරේදා (06) දිනයේදී විනිසුරුවරයා තමන් නිකුත් නොකළ බව කී වාරණ නියෝගය අත්හිටුවමින් යළි නියෝගයක් නිකුත් කළේය.

කෙසේවෙතත් අවසානයේ මෙය පෙරළෙමින් පවතින්නේ පෙරකී සුප්‍රසිද්ධ නීතීඥ සමාගමේ නීතීඥවරුන් දෙදෙනෙකුගේ සහ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල්වරයාගේ කර පිටට ය. ඊයේ (07) පස්වරුවේදී පිස්කල්වරයාගේ වැඩ ද තහනම් කර තිබිණි. අදාළ නීතීඥවරුන් දෙදෙනාට සහ පිස්කල්වරයාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා සූදානම් වන බවත් වාර්තා විය.

අපට කියන්නට ඇත්තේ අනේ කාලේ වනේ වාසේ කියාය.

මේ අතර කොළඹ නීතීඥවරුන් අතරේ මේ දිනවල කතාබහට ලක්වන කරුණක් ගැන ද අපට අසන්නට ලැබිණි. ඒ, “පාරෙ යන බස් වගේද බං එයාර් බස් ? වෙලාව ලැබුණු ගමන් ගාණ කපාගන්න ඕනේ …. ඩොලර්වලින්ම කැපුවහැකි” කියාය ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...