Thursday, March 30, 2023
spot_img

Latest Posts

සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සජිත් මැතිසබයට ගෙනෙයි (VIDEO)

පසුගිය කාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර ගිය සමයේ දී දැඩි සීමාවන්ට යටත්ව වුව ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන් හි නියැලෙන්නන් සිය ව්‍යාපාර පවත්වා ගෙන යාමට සමත්විය. කෙසේ වෙතත්, ආණ්ඩුව විසින් හිතාමතා රට තුළ නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් අද වනවිට එම ව්‍යාපාර බරපතල ලෙස කඩා වැටීමකට ලක්ව තිබේ. ඒ සම්බන්ධයෙන් මවිසින් 2021.09.22 වැනි දින ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් පැන නැගීය. කෙසේ නමුත්, පැවති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දීමට අද වනතෙක් අසමත් වී ඇත.

අද වනවිට මෙම ක්ෂේත්‍රයන් මුහුණ දෙනු ලබන ප්‍රධානම අර්බුදයන් වනුයේ, ලබාගත් බැංකු ණය වාරික, ලීසිං වාරික ගෙවීමට නොහැකි වීමත්, ඩොලර් හිඟය හේතුවෙන් සිය කර්මාන්තයන් පවත්වා ගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීමත් ය. මීට අමතරව, පවතින බලශක්ති ගැටලුව හේතුවෙන් කාර්යක්ෂමතාවය දැඩි ලෙස සීමා වී ඇත.

පවත්නා තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ නැවත ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනු ලැබීය.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.