*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

මැච් එකෙන් ආණ්ඩුව දිණුම්

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10 න් පරාජයට පත් විය.නමුත් ආණ්ඩුව සිය අපේක්ෂාවන් ජය ගත්තේය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලංකාවට ආවේම මේ රට වැටී තිබෙන දරුණුම ආර්ථික හා සමාජීය බිඳ වැටීමට මුහුණ දී ජනතාව දුෂ්කරතාවයන්හී වෙලී සිටින බව දැන දැනය.එසේම ඒ වෙනුවෙන් මිනිසුන් පාරට බැස අරගල කරන බව දැන ගෙනය.ඒ අරගලයේ ඇතැම් දේ තමන් තරගයට සහභාගි වෙද්දි ඔවුන්ටද දැක ගන්නට වන බව සිතා ගෙනය.ශාරිරික වශයෙන් හානි නොවන විරෝධයකින් ඔවුන්ට කම් නැත.එය මිනිස් අයිතියක් බව ඔවුන් දන්නේය.

ශ්‍රී ලංකාවට විරුද්ධිවම එල්ටීටීඊ සංවිධානය කර තිබෙන විරෝධ ක්‍රිකට් තරගවලට අමුත්තක් නොවේය.එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබීම හැරෙන්නට එවැනි ප්‍රදර්ශන බැනර් ඉවත් කරන්නට විදෙස් රටවල්වලට අවශ්‍යය නොවුණි.ඉන්දු – පකිස්තාන දේශ සීමා ප්‍රශ්නය ද මේ ආකාරයට ක්‍රිකට් තරග අස්සට කඩා වැදුණු අවස්ථා ඇත.ඒ ආකාරයෙන් බලන විට සටන් පාඨයක් කීම සහ කළු පටියක් යනු ඉතාම අවිහිංසාවාදී වෑයමක්ය.

නමුත් එයින් ලෝකය මේ ආණ්ඩුව රටේ ජනතාව විශ්වාස නොකරන බව අවබෝධ කර ගන්නේය.දැනට ලෝකයට ගොස් තිබෙන මතයද එය ය.ආණ්ඩුව එයින් ගැලවීමට අපූරු විදිහට රට ප්‍රයෝජනයට ගත්තේය.ආණ්ඩුව බලයට එන්නේද රට,ආගම සහ ජාතිය පෙරට දා ගෙනය.එයට තවමත් මේ රටේ මිනිස්සු පරාජය කරන්නට සහ දේශපාලන ජයග්‍රහණ අත් කර ගන්නට හැකි බව ආණ්ඩුව කරන ලද අත්හදා බැලිමේදී සනාත වී ඇත.

“ඕස්ට්‍රේලියා සංචාරය නිසා ඩොලර් එයි.තව සංචාරකයන්ට ඩොලර් අරගෙන එන්නට පාර කියයි.”
ආණ්ඩුව ජනතාව අතරට මේ කරුණු යවන්නට රටේ මොන ප්‍රශ්නය තිබුණත් අතේ සල්ලි ඇත්නම් කා බී සැපෙන් සිටිය හැකි බව සිතන සහ එසේ කරන්නට පුළුවන් පිරිසක් සොයා ගන්නට ආණ්ඩුවට අපහසු වුණේ නැත.ඉහත ආණ්ඩුවේ හිතීමෙන් රට ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ගොඩ ගන්නට සිතූ අය තෙල් පෝලිමෙත් ලැග,ගෑස් පෝලිමෙත් ලැග ටිකට් පෝලිමෙත් ඉද තරගයට පැමිණ සිය පෝලිම් ඉරණම ඕසට්‍රේලියානු සංචාරයෙන් නිමා වන බවට සිහින දකින්නේය.

මිනිස්සුන්ගේ පිඩාව ගොඩ නැඟෙනු හැටි පුළුල්ව හදාරන්නේ නැති දේශපාලන සමාජයක මිනිස්සු සංවේදි වන්නේ දුකට සහ වේදනාවටය.එය නිමා කිරීමේ ව්‍යාපෘතියක් සේ මේ සංචාරය හඳුන්වා දුන් පසු බොහෝ දෙනෙක්ට ප්‍රශ්න පැන නඟින ක්‍රමය වෙනුවට දුකට සැප සොයා ගැනීමටත්,වේදනාව වෙනුවට ප්‍රීතිය හමුවීමත් අවශ්‍යයතාවය වන්නේය.

දැන් ඕස්ට්‍රේලියාව පැමිණිමෙන් වෙනස් වන්නේ මොනවාද?

නොනවත්වා අපිට ගෑස් සහ ඉන්ධන ගෙන්වා ගැනීමට මෙන්ම එය දරා ගැනීමට හැකි මිලකට ගන්නට ලැබෙනු ඇද්ද?එසේම රසායනික පොහොර,බදු සහන වැනි ව්‍යාපෘති නිස රට අසමත් කර තමන්ද අසමත් බව සිතන නායකයෙකුගේ මඟ පෙන්වීම වෙනස් කළ හැකිද?ඒ නිසා රටට විඳින්නට සිඳු වූ පාඩුව පියවා ගැනීමට හැකිද?

පොහොර ප්‍රතිපත්තිය වෙනස් කර නිසා රටේ වගාවෙ පලදාව අඩුවීම ප්‍රමාණාත්මකව සහ මුදලින් රටට එකතු කර ඉතිරි කළ ප්‍රමාණය පියවන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නොහැකිය.බදු සහන දී ධනවතුන්ට සුපිරි ජීවිත ගත කරන්නට ඉතිරි කර දුන් ධනය සහ ඒ අසීමිත ලාභය බෙදී ගියේ කා අතරේදැයි සෙවිම පසෙක ලා,ඒ ඇතැම් ඒවා අය කර ගැනිමට විගණන අධිකාරිය යෝජනා කර තිබියදීත් ඒ කිසිවක් නොකර රටේ සාමාන්‍ය ජනතාව මත බදු පටවන ආණ්ඩුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඒවා ඉවත් කරයිද?අසීමිත බදු සහන දුන් අයගෙන් ඒවා අය කර ගනියිද?

ඒ කිසිවක් වෙන්නේ නැත.ඕස්ට්‍රේලියාව තරහ වි ආපසු යාමෙන් රටට අගතියක් අත් වේ යැයි ජනතාව අතර බිල්ලෙක් මැවූ වා පමණය.දැන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාව පළමු තරගයෙන් පරාජය කර අවසන්ය.එපමණක් නොව තරඟය සහ ආණ්ඩුවේ පීඩාවට පත්ව සිටින සමස්ත ජනතාවද ආණ්ඩුව ඔවුන්ගේම සංවේදී හැඟීම් ග්‍රහණයට ගෙන ඒවායින් පහර දි පරාජය කර අවසන්ය.

එයින් කියැවෙන බරපතල පණිවිඩය නැවත රාජපක්ෂලාම වුව මේ රටේ බලයට ගෙන එන්නට සමත් අසම්මත දේශප්‍රේමයේ බරපතලකම රට පුරා දිග්ගැසෙන පෝලිම් අස්සේ දි ජනතාව කල්පනාවට ගෙන නැත.එය මහා වැරදි ක්‍රමවේදයක පියවරක් ලෙස හඳුනාගෙන නැත.ක්‍රමයේ වරද නැතිනම් එවැන්නක් මතු නොවන බව තේරුම් ගෙන ද නැත.ක්‍රිකට් තරගයෙන් ආණ්ඩුව දිනුවා වාගෙම ඡන්දයකදි ද ආණ්ඩුවට දිනවන්න හැකි තකතීරුකම් තවමත් මියගොසින් නැත.

එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ය.එයට එරෙහි වන්නට කිසිවෙකුට නොහැකිය.ගෑස් පෝලිමේ සිට,ඉන්ධන පෝලිමේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අපේ සියලු ප්‍රශ්න දූරිම්භූත කර දමනු ඇතැයි සිතන්නට ඔබට අයිතිය ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan