*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

පාඨලී ස්වාධීන වෙයි! හරීන් ගිය මඟම යයිද? (VIDEO)

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස මින් ඉදිරියට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිත දැනුම් දීමක් කර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

තමන් මෙවැනි තීරණයක් ගත්තේ පෞද්ගලික තරහක් හෝ වෛරයක් නිසා නොවන බව පවසන මන්ත්‍රීවරයා සඳහන් කළේ හැමදාමත් මෙන් තමන් විශ්වාස කළ ප්‍රතිපත්තිගරුකභාවයත්,හෘදසාක්ෂියට එකඟව කටයුතු කිරීමත් මත පදනම් මෙකී තීරණය ගත් බවයි.

”අද අප සැම දෙනාටම වෙනස් වීමට සිදු ව තිබෙනවා.නායකයින්ට මෙන්ම ජනතාවටත් වෙනස් වීමට සිදුව තිබෙනවා.

රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මාර්ගය පිළිබඳ අදහසක් අප පසුගියදා ඉදිරිපත් කර තිබෙනවා. එයට විශාල සාධනීය ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. රටක විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වගකීම වන්නේ ද විවේචනයෙන් ඔබ්බට ගොසින් විකල්ප සූදානම් කිරීම බව මා අවංකවම විශ්වාස කරනවා. අද අවශ්‍ය වන්නේ සාමූහිකව බල ගැන්විය හැකි විකල්පයක් නිර්මාණය කිරීමයි. රටට නව හැරවුමක් අවශ්‍යව ඇති මේ මෙහොතේ ඒ වෙනුවෙන් මාගේත් මා සමග සිටින පිරිසේත් දැණුම කුසලතාව සහ කැපවීම බාධාවලින් තොරව ලබා දීමට නම් මෙවැනි ස්වාධීන වීමක් සිදු කළ යුතුව තිබෙන බව සඳහන් කළ යුතුව තිබෙනවා.

මහ මැතිවරණයෙදී මාහට ජන්දය දුන් ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කිසිවක් පාවාදීමට මා කටයුතු කරන්නේ නෑ. එම ජනවරමට උපරිම සාධාරණය ඉෂ්ට කළ හැක්කේ මෙවැනි තීරණාත්මක වේලාවක මේ වගේ තීරණයක් ගැනීමෙන්ම බව මා වැඩි දුරටත් ප්‍රකාශ තරන්නට කැමතියි.”

කෙසේවෙතත් මෙම ස්වාධීන වීමත් සමඟ ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබාගැනීමේ අදහසක් නැති බවද ඔහු කියා සිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan