*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ දී අවසන් කිරීමේ තීරණයක්!

රුපියල් බිලියන 315 ක ණය කන්දරාවක් තවදුරටත් මේ රටේ ජනතාවට බරක් නොවනු පිණිස ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම ප්‍රතිව්‍යුහගත ගත කිරීම තුළින් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත්, ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand ) ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස තමන් ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගියදා කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ කාර්යාලයේ පැවති සේවක නියෝජිත හමුවේදීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,ශ්‍රී ලංකන් කේටරින් සමාගම,ශ්‍රී ලන්කන් විධායක නිලධාරී සංගමය,භූමි මෙහෙයුම් (Ground handling) නිලධාරීන්ගේ සංගමය,ගුවන් යානා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය ඇතුළු සේවක සංගම් කීපයක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක් වූහ.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,දීර්ඝ කාලයක් සුදු අලියෙක්ව පැවති මෙම ගුවන් සමාගම නඩත්තු කිරීමට මේ රටේ සංවර්ධනයට යොදා ගත හැකිව තිබූ බදු මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති බව ය.

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් මෙම ආයතනය මහජන මුදලින් නඩත්තු කිරීම රටටම කරන අසාධාරණයක් බව ඇමැතිවරයා පැවසීය.එම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කළ යුතුය යන්න මූලික වශයෙන් අපි සැවොම පිළිගත යුතු බව ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙම ගුවන් සේවය ගුවන් ප්‍රතිව්‍යුහගත කිරීමට හොඳ මොඩලයක් සැකසිය යුතු බවත්,ඒ අනුව මෙම ගුවන් සේවය භාර ගැනීමට දේශීය ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නම් ඉතා අගය කරන බව අමාත්‍යවරයා පැවසීය.

කුමන මොඩලයේ ප්‍රතිව්‍යුහගත කරන යෝජනාවක් ඉදිරිපත් කළ ද ,සේවක අයිතිවාසිකම් උල්ලංඝණය නොවන ආකාරයට එම වැඩපිළිවෙළ සකස් කළ යුතු බවත්,සමාගම ඉදිරිපත් කරන ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල පිළිබඳව වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කර, අනතුරුව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ද එම යෝජනාවලිය ඉදිරිපත් කර විනිවිදභාවයෙන් එය කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.එහෙත් මේ සියලු කටයුතු කරමින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

අද වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව එකම ගුවන් යානාවක් වත් නැති බවත්, සමාගම සතු ගුවන් යානා (21) විසි එකම කුලී පදනම මත ලබා ගත් ඒවා බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කීර්තියත් ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ගොඩබෑමට විවිධ රටවලින් අප වෙත ලබාදී ඇති ද අවසරය හා පහසුකම් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පුහුණු හා කාර්යක්ෂම සේවකයින් මෙම සමාගමට අයත් ප්‍රාග්ධනය බවත් එය සැලකිල්ලට ගෙන ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු බවත්, මේ පිළිබඳ දැනටමත් තමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අප වෙත ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමා වෙත සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ කටයුතු පිළිබඳ ජාත්‍යන්තරව කීර්තියක් දිනා ගෙන ඇති බවත්,එම අංශය වඩාත් ශක්තිමත් කිරීම තුළින් අප රටට විශාල ආදායමක් උපයාගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ පරිපාලනය සමාගමට බරක් බවත් නිසි පිරිස් කළමනාකරණයක් හා ප්‍රතිව්‍යුහගත කිරීමක් තුළින් වියදම් අඩු කර ගැනීම කළ හැකි බව තමා වෙත තොරතුරු ලැබී ඇති බව ද ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමප්‍රතිව්‍යුහගත කිරීමේ දී එහි වෘත්තීය සමිති ඉදිරිපත් කරන යෝජනා සහ අදහස් අනිවාරයෙන්ම සැලකිල්ලට ගන්නා බවද අමාත්‍යවරායා පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජය පතිරණ මහතා කියා සිටියේ,”අපේ ජාතික ගුවන් සේවය මේ තත්ත්වයට පත්වීම පිළිබඳව වගකිවයුත්තේ සේවකයන් නොව වැරදි තීන්දු ගත් දේශපාලකයන් සහ ඉහළ පාලන අධිකාරිය බවය.

ආයතනය රැක ගැනීම සඳහා යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බව පිළිගන්නා බවත් ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාහිර පාර්ශ්වයකට ලබා දෙන්නේ නම් එය දේශීය ආයෝජකයෙක්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

කොවිඩ් වසංගත සමයේ මෙම ආයතනයේ සේවකයන් සිය වැටුපෙන් 25% ක් ආයතනයට ස්වෙච්ඡාවෙන් පරිත්‍යාග කළ බවත්,ගුවන් මගීන් නොපැමිණි එම කාලයේ සියළු සේවකයන් එක්ව කම්කරුවන්සේ වැඩ කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කැබින් ලෝඩින් කරමින් සමාගමට රුපියල් මිලියන හාරසියයක (400) මුදලක් උපයා දුන් බව ද සේවකයෝ මෙහි දී පෙන්වා දුන්නේය.

මෙම ආයතනය වර්තමාන තත්ත්වයට පත් කළ නිලධාරීන් හා එය තවත් ප්‍රපාතයට ඇද දමන නිලධාරීන් පිළිබඳව සොයාබලා දඬුවම් දඬුවම් කළ යුතු බව සේවකයෝ අවධාරණය කළහ.

නමුත් වර්තමාන සභාපති අශෝක් පතිරගේ මහතා පැමිණීමත් සමඟ ආයතන යම් ප්‍රගතිදායක ගමනකට අවතීර්ණ වී ඇති බව ද එහෙත් මෙම ආයතනයේ මුල් ඇද සිටින දූෂිත නිලධාරීන් නිසා එම ගමන ද මන්දගාමී වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan