සටහන – රුවන් නෙළුගොල්ල
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීම සඳහා ලැබුණු ආධාර මුදල් මහාභාණ්ඩාගාරයේ සුරක්ෂිතව පවතින බවත් රජය ඒ ආධාර මුදල් ඉතාම හොඳින් ආරක්ෂා කරන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
“දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට කුඩා දරුවො තමන්ගෙ කැටේ ගිහිල්ලා බාරදීපු සල්ලි ඉතාම සුරක්ෂිතව මහාභාණ්ඩාගාරය සතුව තියෙනවා. මේ මුදල් මේ ව්යසනයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට ආධාර දෙන්න තමයි දෙන්න කිව්වෙ. ඒ වගේම මහාභාණ්ඩාගාරෙ සල්ලි තිබුණා ගිය අවුරුද්දෙ වියදම්වලින් අපි එකතු කරගත්ත ඉතුරු කරගත්ත සල්ලි. අපි කෝටි 27,000ක් 2024 අවසාන මාසෙ දුන්නා. ඒ වගේම 2026 අවුරුද්ද සඳහා කෝටිවලින් 50,000ක්. ඔක්කොම ගත්තාම කෝටි 77,000ක් දිට්වාවලින් ආපදාවට පත් ජනතාවට සහන දීම සඳහා රජය වියදම් කරමින් තිබෙනවා. ඒ මුදලුත් භාණ්ඩාගාරෙ තියෙන මුදල්. කලබල වෙන්න දෙයක් නෑ, කලබල කරගන්න එපා. මේ සල්ලි ආණ්ඩුව ඉතාම හොඳින් ආරක්ෂා කරනවා ජනතාවගේ විශ්වාසය වගේම”
වසන්ත සමරසිංහ අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.


