BREAKING NEWS : සලේ රෝහල්ගත කෙරේ !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඔහු මීට මඳ වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී තමන්ට වධහිංසා සිදුකෙරෙන බව සුරේෂ් සලේ සිය ඥාතීන්ට දැනුම් දී තිබුණු අතර ඔහු ඊට එරෙහිව මීට දින කිහිපයකට පෙර සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබිණි.

සිකුරාදා දිනයේ සිට ජලය හෝ පානය නොකරමින් උපවාසයෙහි නිරත වී සිටි ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම හේතුවෙන් මෙසේ අද (07) රාත්‍රියේ ඔහුව රෝහල්ගත කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...