කොළඹ LNW:වසරේ පළමු කාර්තුව තුළ රාජ්ය මූල්ය තත්ත්වය සැලකිය යුතු ලෙස ශක්තිමත් ව ඇති බව ශ්රී ලංකා මහබැංකුව පවසයි.
2026 වසරේ ජනවාරි සහ මාර්තු අතර කාලය තුල රජය රුපියල් බිලියන 709.6 ක ප්රාථමික අතිරික්තයක් (රජයක මුළු ආදායමෙන් පෙර ගත් ණය සඳහා ගෙවිය යුතු පොලී මුදල් හැර අනෙකුත් සියලුම රජයේ වියදම් අඩු කළ පසු ඉතිරි වන ශේෂය) වාර්තා කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුල වාර්තා වූ රුපියල් බිලියන 397.47 සමග සැසදීමේ දී 78.5% ක වර්ධනයක් ලෙස පෙන්නුම් කරයි.
ඊට අමතරව, සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 116.35 ක අතිරික්තයක් ලෙස වාර්තා වී තිබේ. පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ අයවැය ශේෂය රුපියල් බිලියන 234.46 ක හිගයක් ලෙස වාර්තා වී තිබුණි.
රජයේ මුළු ආදායම සහ ප්රදාන පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේ දී 40.5% කින් වර්ධනය වී ඇත. පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ රාජ්ය ආදායම ප්රදාන සමග රුපියල් ට්රිලියන 1.07 ක් ලෙස දැක්වුණි. මේ වසරේ එය රුපියල් ට්රිලියන 1.5 දක්වා ඉහළ ගොස් තිබේ.
බදු සහ බදු නොවන යන දෙඅංශයේම ආදායම ඉහළ යාම මෙසේ රාජ්ය ආදායම ඉහළ යාමට හේතුව වී ඇත.


