ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: පාස්කු බෝම්බ ප්රහාර මාලාවේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින හිටපු රාජ්ය බුද්ධි ප්රධානි සුරේෂ් සලේ වෙනුවෙන් හිටපු අමාත්යවරයෙක් වන විමල් වීරවංශ අද (08) සිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්යග්රහයක් ආරම්භ කිරීමට නියමිතයි.
වත්මන් රජය රණවිරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් අකමින් සිටින අතර එය වැලැක්වීම වීම වෙනුවෙන් රටක් ලෙස එක් විය යුතු බවයි ඔහු පවසන්නේ.
හිටපු අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) සුරේෂ් සෙල්ට සහය දක්වමින් පැවැත්වූ මාධ්ය හමුවේදීය.
”මේ සතුටු කරන්නේ වෙන කාවවත් නෙවෙයි වෙල්ලමුල්ලිවයික්කාල් වලින් පැරදුණු එකේ වේදනාව දරාගෙන ඉන්න පිරිස. LTTE යට පක්ෂ LTTE මතය දරන දෙස් විදෙස් ඩයස්පෝරාව වෙන්න පුළුවන් ඒ මතයට පක්ෂ සිංහල සමාජයේ ඉන්න නරි ටිකක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අයව තමයි මේ සතුටු කරන්නේ. එහෙම නැතුව හෘද සාක්ෂියක් තියෙන සාධාරණ කිසි මිනිහෙක් මෙමගින් සතුටු වෙන්නේ නැහැ. පරීක්ෂණය කරන්න මහත්තයෝ මනුස්සයෙකුට වගේ. තමන් භාරයේ තියන් ඉන්න මිනිස්සු තියන් ඉන්න බැරිනම් කරුණාකරලා එළියට දාන්න. එළියට දාලා පරීක්ෂණ කරන්න. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා ඒ අරමුණ වෙනුවෙන් රටම පෙළගැහෙන්න ඕනේ. ජාතියම පෙළගැහෙන්න ඕනේ. මේ පාලකයන්ට පෙන්වන්න ඕනේ උඹල හිතන විදිහට අපේ රණවිරුවන්ගේ ජීවිතත් එක්ක උඹලට සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ කියල. ඒ සෙල්ලම නතර කරන්න ඕනේ. සලේගේ නාමෙන්, රණවිරුවන්ගේ නාමෙන් ඒ තුච්ජ ක්රීඩාව නතර කරන්න ඕනේ. නතර කිරීම සඳහා කරන්න පුළුවන් ඉහළම බලපෑම නිර්මාණය කරන්න ඕනේ.” යනුවෙන් හිටපු ඇමතිවරයා තවදුරටත් පවසයි.


