පිලිපීනයේ රික්ටර් මාපක 7.8 ක භූමිකම්පාවක්; කලාපය පුරා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරේ!

සටහන – පුලී

ජූනි 08, LNW (කොළඹ): මේ වසරේ පිලිපීනයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මුහුද කේන්ද්‍ර කර ගත් අතර එය ප්‍රධාන වෙරළබඩ නගරයකට හානි සිදු කරමින් විදුලිය විසන්ධි වී අසල වෙරළ තීරයේ මීටර් 1 ක් උස සුනාමි රළ ඇති කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඉකුත් සඳුදා දකුණු පිලිපීනයේ ඇති වූ රික්ටර් මාපක 7.8 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස්, ගොඩනැගිලි වලට හානි සිදු වූ අතර කලාපය පුරා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කරන ලදී.

මින්ඩනාඕ දූපතේ සාරංගානි පළාතේ සිට කිලෝමීටර් 24 ක් පමණ බටහිර දෙසින් ඇති වූ භූමිකම්පාවෙන් පසු, පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ බලධාරීන් බලපෑමට ලක් වූ වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් වහාම උස් බිම්වලට යන ලෙස ඉල්ලා සිටි බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූමිකම්පාව හේතුවෙන් 700,000 කට අධික ජනතාවක් වෙසෙන ටූනා සැකසුම් නගරයක් වන ජෙනරල් සැන්ටොස් හි එක් ගොඩනැගිල්ලක් පමණ කඩා වැටී තිබේ. එය එහි වාණිජ මධ්‍යස්ථානයක් ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...