ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග යටතේ පසුවෙන හිටපු රාජ්ය බුද්ධි සේවයේ ප්රධානී සුරේෂ් සලේට පොලීසිය විසින් අමානුෂික ලෙස සලකන බවට චෝදනා එල්ල කරමින් ඔහුට සහය දක්වමින් අද (08) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සත්යග්රහයක් ආරම්භ කළේය.
ඊට හිටපු මැති ඇමතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මධුර විතානගේ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් එක්ව සිටිති.
එම ස්ථානයට සුරේෂ් සලෙගේ මවද පැමිණ තිබුණි.
මේ අතර සත්යග්රහයට රැගෙන ආ බඩු බාහිරදිය රැගත් ලොරියක් පොලිස් භාරයට ගෙන තිබේ.


