සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(08) උදෑසන පිලිපීනයේ දෙවන විශාලතම දුපත වන මින්ඩනාඕහි සිදු වූ රික්ටර් මාපකයේ 7.8 ක ප්රභල භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්යාව 32 දක්වා ඉහල ගොස් තිබේ.
භූ කම්පනය හේතුවෙන් පළාත් කිහිපයක පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් විශාල ප්රමාණයක් අතුරුදන්ව ඇති බව බලධාරීන් නිවේදනය කර ඇත.
පිලිපීන ඒජන්සිය සහ එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය (USGS) අද උදෑසන පිලිපීනය, ඉන්දුනීසියාව, ජපානය සහ ඕස්ට්රේලියාව යන රටවල සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබු අතර ඒවායින් සමහරක් පැය කිහිපයකට පසු අවලංගු කරන ලදී.
මින්ඩනාඕ දුපතේ මිලියන 26 ක් පමණ පිරිසක් වාසය කරන අතර පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ජාතික රජය ගමන් කරමින් සිටින අතර අපි මින්ඩනාඕ අතහැර නොයන බවයි.
ලෝකයේ වඩාත්ම ආපදාවන්ට ලක්විය හැකි රටවලින් එකක් වන පිලිපීනය, සාගරය වටා ඇති භූ කම්පන චක්රයක් වන පැසිෆික් “ගිනි වළල්ලේ” පිහිටීම නිසා බොහෝ විට භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම් වලට ගොදුරු වේ. මෙම භූමිකම්පා බොහොමයක් සුළු වන අතර සාපේක්ෂව සාමකාමීව ගමන් කරන අතර, සමහර ඒවා මාරාන්තික වේ.

