මන්ත්‍රීවරු 140ක් එක්ක දීපු පක්ෂය දෙන්නාට බස්සලායි එතුමා නැවතුණේ – අමරවීර මෛත්‍රීගේ පතුරු අරී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මීළඟ ජනාධිපතිවරයා පත්කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මූලිකත්වයෙන් බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා පවසයි.

“මෛත්‍රීපාල මහත්තයාට ඕනෙ වුණේ නෑ සන්ධාන ගොඩනඟලා ශක්තියක් ගොඩනඟන්න. මන්ත්‍රීවරු 140ක් එක්ක බාරදීපු පක්ෂය එතුමා දෙන්නාට අඩු කරලායි නැවතුණේ. අපි කිව්වා මේකට අපි 47 දෙනෙක් එකතු කරලා දුන්නා, එක වෙලාවක කතාකරලා 47ක් එක්ක සන්ධානය ගොඩනඟමු කියලා. ඒක දිගින් දිගටම මගහැරියා. ඒකෙ ප්‍රතිඵලය විදියට අපේ කණ්ඩායමක් සජබට ගියා.

මේ පක්ෂයේ මීට කලින් තිබුණේ බෙදීම්, අඩුකිරීම්. අපට විරුද්ධව බෙදීම් හැදුවා. ඒකෙන් කට්ටිය අඩුවුණා. මින් ඉදිරියට මේකෙ තියෙන්නෙ එකතුකිරීම්, වැඩිකිරීම්.

මීළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ කවුරුවත් නෙවෙයි මේ ඉන්න, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කර ගත්තු, මේ කණ්ඩායමෙන් කියන එක ඔබට මේ අවස්ථාවේදී කියන්න කැමතියි.

ඒ වගේම ඔබට අපි තව පණිවිඩයක් දෙනවා. වැඩි ඈතක නෙවෙයි ලබන සතිය වෙනකොට මේ පක්ෂයට ඔබ හිතන්නෙත් නැති දැවැන්තයින් ඇතුළු තව පිරිසක් එකතු වෙනවායි කියන පණිවිඩයත් මම දෙනවා”

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (08) අම්බලන්තොට නගරයේදී පැවති නව සන්ධානයේ මංගල ජන රැලිය අමතමිනි.

මෙම ජන රැලියට විශාල සෙනඟක් එක්ව සිටින ආකාරය ද දැකගත හැකිවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...