ජනපති සමාව අවභාවිතයෙන් වළකින ලෙස බලකරමින් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:ජනපති සමාව අවභාවිතයෙන් වළකින ලෙස බලකරමින් අද (09) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී මහජන විරෝධයක් සංවිධානය කර තිබුණි.

සිරකරු අයිතිවාසිකම් කමිටුව විසින් එය සංවිධානය කර තිබුණු අතර බන්ධනාගාර අක්‍රමිකතා සම්බන්ධයෙන් එහිදී අවධාරණය කෙරුණි.

ඒ අනුව බන්ධනාගාර අක්‍රමිකතාවලට තිත තබා රැඳවියන්ට සාධාරණය ඉටුකරන ලෙස විරෝධතාකරුවන් බලධාරීන්ට අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න