ජනාධිපති සමාව අවභාවිතය : අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා CID අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජුනි 08) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ජනාධිපති සමාව අවභාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය.

රුපියල් ලක්ෂ 20ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් වරදකරු බවට තීන්දුකොට මැයි 02 වනදා බන්ධනාගාරගත කළ සිරකරුවකු මැයි 12 වෙසක් පොහොය දිනයේ ජනාධිපති සමාව මත නිදහස් කර ඇතැයි මොනරා පුවත්පත අනාවරණය කිරීමෙන් අනතුරුව සමාජය තුළ ඇතිවූ ආන්දෝලනය හමුවේ ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය සිදුකෙරේ.

එහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති සමාව අවභාවිතා කර ඇති බවත් එසේ අවභාවිතා කරමින් ඉහත කී සිරකරුවාට අමතරව තවත් සිරකරුවන් යම් ප්‍රමාණයක් ද නිදහස් කර ඇතැයි මූලික විමර්ශ්වනවලින් අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...