වාලච්චේන කඩදාසි කම්හල දැන් ලාභ ලබනවා. අලුත් වැඩකුත් සූදානම් – ඇමති හඳුන්නෙත්ති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව මේ වනවිට ලාභ ලබමින් ඉදිරියට යන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කලක් තිස්සේ මෙහෙයුම් නවත්වා තිබුණු මෙම කර්මාන්ත ශාලාව මේ වනවිට ලාභ ලබමින්, පැරණි ණය ගෙවා දමමින් ඉදිරියට යන අතර අලුතින් නිෂ්පාදන යන්ත්‍ර ද ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම එම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව පාසිකුඩා ආසන්නයේ සංචාරක මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද කටයුතු කෙරෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසා ඇත.

1956 වසරේ ආරම්භ කෙරුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව 1990 දශකය අග භාගයේදී පාඩු ලැබීම හේතුවෙන් වසා දැමුණු අතර 2020 වසරේදී යළි වැඩ ආරම්භ කෙරුණු නමුත් එය දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු අඩාල වී තිබිණි. සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, මෙම කම්හල උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2025 ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලබාගෙන, ඊට අදාළ කටයුතු ආරම්භ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...