තුන්වන දිනටත් ලොස් ඇන්ජලිස්හි විරෝධතා ඇවිලේ; වාහන ගිනිබත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික මර්දනයට එරෙහිව තුන්වන දිනටත් ලොස් ඇන්ජලීස් හි විරෝධතා නැවතත් ඇවිළී ගොස් ඇති අතර, සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාකරුවන් වාහන ගිනිබත් කරමින් ආරක්ෂක අංශ සමඟ ගැටෙන බව වාර්තා වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යොදවා ඇති ජාතික ආරක්ෂක ඒකක භටයන් 2000ක් පමණ දෙනා නගරයේ විරෝධතාකරුවන් පසුපසට තල්ලු කිරීමට කඳුළු ගෑස්, රබර් උණ්ඩ භාවිතා කර ඇති අතර කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගැවින් නිව්සන් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදා යෙදවීම අවලංගු කරන ලෙස හා පාලනය තමන්ට භාර දෙන ලෙසයි.

කෙසේ නමුත්, මේ වන විට ෆෙඩරල් දේපළ සහ පිරිස් ආරක්ෂා කිරීම සඳහා ලොස් ඇන්ජලීස් හි විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් මැරීන් භටයින් 500ක් පමණ යෙදවීමට සුදානමින් සිටින බව එක්සත් ජනපද උතුරු අණදෙන නිලධාරියා නිවේදනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...