COSP18 සැසියේ සභාපතිත්වය ප්‍රථමවරට ශ්‍රී ලංකාවට!

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18) නියෝජනය කිරීම සඳහා මෙවර සැසියේ සභාපති ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව යයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18) සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ඊයේ (08) පිටත් විය.

ජුනි 10 සිට 12 දක්වා දින 3ක් ඇමරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි. මෙවර එහි තේමාව වන්නේ ” සමාජ සංවර්ධනය සඳහා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හා දායකත්වය පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු කිරීම” යන්නයි.

මෙවර සැසියේ විශේෂත්වය වන්නේ ආසියා පැසිපික් කලාපය නියෝජනය කරමින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය ඉසිලීමයි. පාර්ශව රාජ්‍යන් 190ක නියෝජිතයන් මෙම සමුළුව සඳහා සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ජුනි 10 වනදා සැසිය අමතනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...