පොලිස් තනතුරු රැසක ලොකු වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW :

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ , රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව වන අතර, ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි පහත අයුරින් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බව සඳහන් වේ.

කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ද කටයුතු කල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් සිරිවර්ධන මහතා අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව පැවසේ.

ඒ අනුව, ඊට අදාළව සිදුකර ඇති ස්ථානමාරු වීම් සහ පත්කිරීම් පහත සඳහන් ආකාරයට සිදුව ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. මොහාන්ලාල් මහතා – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සිට එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස

පොලිස් අධිකාරි ඒ.එස්.කේ බණ්ඩාර මහතා – අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

සහකාර පොලිස් අධිකාරි ඩබ්.ටී.අනුරංග මහතා – ගල්කිස්ස කොට්ඨාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

සහකාර පොලිස් අධිකාරි බී.එල්.ඒ ප්‍රසන්න මහතා – ඇල්පිටිය කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.පී දීප්ති කුමාර මහතා – නුගේගොඩ කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසය වෙත

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇත.

ඒ අනුව, 
ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩී.සී ජයකොඩි – බලංගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසය වෙත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.කේ.සී නවරත්න – කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා

ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.සී.යූ.රාජපක්ෂ – මානව සම්පත් කළමණාකරන කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.පී.එල් ප්‍රනාන්දු – ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මඩකලපුව කොට්ඨාසය වෙත

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.එන්.ඩී කාන්ගර – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙස

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.සී.එන් අබේනාරායන – අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති ලෙස

ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ.රත්නායක – මාතලේ කොට්ඨාසයේ සිට අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජී.එස්  විජේසිංහ – නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාසය වෙත

පොලිස් පරීක්ෂක එම්.එච්.එන් තාරක – බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා

පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන් සිරිපති – මීගමුව කොට්ඨාසයේ සිට බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

ලෙස සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...