21ට ජාජබ යෝජනා මෙන්න!

Date:

යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාතික ජන බලවේගයේ යෝජනා අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසිනි.

21 වැනි සංශෝධනය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා

01. පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයෙකු, ඔහු තේරී පත්වූ දේශපාලන පක්ෂය අත්හැරීම හෝ අන්‍යාකාරයකින් ඉවත් වීම සිදු නොකළ යුතු අතර එසේ අත්හරින්නේ නම් හා/හෝ ඉවත් වන්නේ නම් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය එසේ අත්හළ දින සිට හෝ ඉවත් වූ දින සිට අවලංගු විය යුතුය.

02. ජනාධිපතිවරයා විසින් කිසිදු ආකාරයකින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර නොදැරිය යුතුය.

03. (අ) අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ගණන 25ක් විය යුතුය.

(ආ) එම අමාත්‍ය ධූරයන්ට අනුරූපීව නියෝජ්‍ය අමාත්‍ය ධූර 25ක් විය යුතුය.

(ඇ) රාජ්‍ය අමාත්‍ය ධූර හෝ වෙනත් නම්වලින් හඳුන්වන අමාත්‍ය ධූර නොවිය යුතුය.

(ඈ) ජාතික ආණ්ඩු පිහිටුවන අවස්ථා පදනම් කර ගනිමින් අමාත්‍ය ධූර සංඛ්‍යාව වෙනස් නොකළ යුතුය.

(ඉ) අමාත්‍යවරුන්ට අදාළ අමාත්‍යාංශ 25 සහ ඒවායේ විෂයන් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුය.  

(ඊ) කාලීන සහ නව විෂය අවශ්‍යතා අනුව අමාත්‍ය ධූර ඇති කිරීමට ප්‍රතිපාදන තිබිය යුතුය.

04. ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී පහත උපලේඛනයේ සඳහන් අපරාධ වරද සම්බන්ධයෙන් වැරදිකරුවන් වූවන්ට පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව එම සමාව ප්‍රදානය කළ යුතුය.

උපලේඛනය

(අ) මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලැබූ අපරාධ වරදකට වරදකරුවෙකු වූවෙකු

(ආ) 1982 අංක 12 පොදු දේපළ විෂයෙහි සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතෙහි සඳහන් වරදකට වරදකරුවෙකු වූවෙකු

(ඇ) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ සහ අල්ලස් පනත යටතේ ගැනෙන චෝදනාවකට වැදකරුවෙකු වූවෙකු 

(ඈ) ස්ත්‍රී දූෂණය, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය, බරපතළ ලිංගික අපයෝජනය යන අපරාධ වරද සම්බන්ධයෙන් වරදකරුවෙකු වූවෙකු

(ඉ) රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, වංචා කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූවෙකු

05. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නියෝජිතයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් සිදු කළ යුතුය.

06. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්ථාපිත කරනු ලබන කොමිෂන් සභා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් සිදු කරනු ලබන පත්කිරීම් සඳහා ද්විත්ව පුරවැසියෙකු සුදුසුකම් නොලැබිය යුතුය.

07. වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දීමට නීතියෙන් නියම කොට ඇති ඕනෑම තැනැත්තෙකුගේ එකී වත්කම් හා බැරකම් ප්‍රකාශය මත පදනම්ව සිය මෙහෙයවීමෙන් හෝ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කිරීමේ බලය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ/ හෝ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට තිබිය යුතුය.

08. ද්විත්ව පුරවැසියෙකු නොවන්නා වූ ඕනෑම පුරවැසියෙකුට ඡන්ද බලය හිමි වූ දා සිට වයස අවුරුදු 70 වන තෙක් මහ මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අයිතිවාසිකම් තිබිය යුතුය.

09. විසිඑක්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ දිනයේ සිට මාස 06ක කාලයක් ඉක්මවීමට පෙර නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...