*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ප්‍රහාරයට මාසයයි, ජොනී තවමත් නිදැල්ලේ …. !!

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් ගෝල්ෆේස් අරගලභූමියට එල්ල කළ ප්‍රහාරයට අදට (09) මාසයක් සපිරේ.

එහෙත් අරලියගහ මන්දිරයට එක් රැස්ව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ව එම ප්‍රහාරයට පොළඹවාලීමට ප්‍රධානතම වශයෙන් කටයුතු කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීමට මේ වනතෙක්ම ශ්‍රී ලංකා පොලිසියට සහ එහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.

ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා නීතිපති නිර්දේශ ලැබී තිබියදීත් CID කණ්ඩායම් දෙකක් යොදවා ඇතත් ඔහුව සොයාගැනීමට නොහැකි බව පවසමින් පොලිසිය සතියක් නාස්ති කළ අතර ඊයේ (08) දිනයේදී ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කරන ලදී.

එහෙත් CIDයට ජොන්ස්ටන්ගේ හෙවනැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වී තිබේ.

ජොන්ස්ටන්ලා විසින් පොළඹවනු ලැබූ‍ ඔවුන්ගේ ආධාරකරුවන් ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ රටේ ජනතාව එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් ජොන්ස්ටන් ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ නිවාස ඇතුළු දේපොළවලට හානි සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් නම් CIDය මේ වනවිට සාමාන්‍ය මිනිසුන් 2400කට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සාමාන්‍ය ජනතාව එතරම් විශාල ප්‍රමාණයක් පදිංචි තැන්, ගැවසෙන තැන් ඉතාම නිවැරදිව හඳුනාගෙන ගොස් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හැකියාව තිබුණු CIDයට රටම දන්නා තනි ජොන්ස්ටන් ප්‍රනාන්දු කෙනෙක් සිටිනා තැනක් සොයාගැනීමට නොහැක. එහි හොඳම කතාව නම් ඔහුට තවමත් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් ආරක්ෂාව ද ලැබී තිබීමත් පාර්ලිමේන්තුවෙන් ලබාදී ඇති ජංගම දුරකථන සබඳතාව ද පෙරේදා වනතුරුත් සක්‍රියව පැවතීමත් ය.

මේ අතර තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට එය සලකා බලමින් පවතී.

ඇත්තම කතාව නම් මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ඇති සුවිශේෂී ප්‍රභූවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේය යන්නයි. සැබැවින්ම නීතියට ඉහළින් සිටින පිරිසක් මේ රටේ ඇත.

තමන් විසින්ම ජනතාවට ඇහැට ඇඟිල්ලෙන් ඇන ඇන මේවා පෙන්වා දුන් පසුව, ඊළඟ මොහොතේදී ජනතාව නීතිය අතට ගත්තේයැයි කියා නහයෙන් ඇඬීමෙන් ඵලක් නොමැති බව පමණක් දේශපාලන බලධාරීන් කවුරු කවුරුත් වෙත දැනගත යුතුව ඇත …

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan