*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දුවන්න පනින්න වීසි කරන්න හතරක් ජිනීවා යයි

ඇමෙරිකාවේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිව් දෙනෙක් ජූනි 11 දා ස්විට්ස්ර්ලන්තයේ ජිනිවා හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ ලෝකඩ මට්ටමේ උළෙලට සහභාගි වීමට ශ්‍රී ලංකාවෙන් නික්ම ගියා.ඒසේම ඔවුන් ජූූනි 14 දා එරට බර්න් හි දී පැවත්වෙන මලල ක්‍රිඩා තරගාවලියටද සහභාගි වීමට නියමිතයි.එහිදී ගයන්තිකා අබේරත්න සහ කාලිංග කුමාරගේ පිළිවෙලින් මීටර් 800 කාන්තා සහ මීටර් 400 පිරිමි ඉසව් නියෝජනය කරනවා.ගයන්තිකා මීටර් 800 ඉසව්වේ ජාතික වාර්තාව උසුලන අතර කාලිංග මීටර් 400 ඉසව්වේ වර්ථමානයේ අංක එකට සිටින ක්‍රීඩකයා යි.

ජාතික හෙල්ල වීසිකිරීමේ වාර්තාවට හිමිකම් කියන සුමේධ රණසිංහ මේ තරගාවලියේ දී හෙල්ල වීසි කිරීමේ ඉසව්ව නියෝජනය කරන අතර පෝලන්තයේ පැවති කරග ඉසව්වකට සහභාගි වී හයවන ස්ථානය දිනා ගෙන සිටින ශ්‍රී ලංකා කාන්තා දුර පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාලාභිනිය සාරංගි ද සිල්වා එහි සිට ජීනිවා වෙත පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ජීනීවා තරගාවලියට මහද්වීප පහම නියෝජනය කරමින් රටවල් හැටකින් සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 500 ක් වන අතර එසේම එම තරගාවලිය සඳහා ඒ ඒ ඉසව්වලින් සනාත කළ යුතු පරිසාධන මට්ටම් ද දක්වා තිබෙනවා.ඒ නිසා මෙම ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තේරීම් කමිටු විසින් හුදෙකලාව තෝරා යවන කණ්ඩායමක් නොවන අතර මේ සියලු දෙනා අදාළ ක්‍රීඩා උළෙලට අවශ්‍යය තේරිමේ දක්ෂතාවය සහතික කළ අය වෙනවා.මේ සටහන සමඟ ජූනි 11 සහ 14 උළෙලවල් හී තරඟ කාල සටහන සහ එම උළෙලේ පරිසාධන මට්ටම දක්වා තිබෙනවා.

මෙම කණ්ඩායම සමඟ පුහුණුකරු හැටියට විමුක්ති ද සොයිසා එක් කිරීමට මලල ක්‍රිඩා පරිපාලනය තිරණය කර තිබෙන අතර ඔහු වෙත ස්විට්සර්ලන්තය වැනි රාජ්‍යයකදී ශ්‍රී ලංකා කණ්ඩායම කළමණාකරනය කර ගැනීමේදි විශාල වගකීමක් පැවරෙනවා.ශ්‍රී ලංකාවට වඩා පැය තුන හමාරක කාලයක් පසුපිසින් තිබෙන ජිනීවා වේලාව ගැන සැළකිළිමත් වීමෙන් ඔබට මේ සමඟ ඇති නිල තරග කාල සටහනට අනුව එම තරග ශ්‍රී ලංකාවේ පැවත්වෙන වේලාව නිශ්චය කිරීමේ හැකියාව තිබෙනවා.

මෙම ක්‍රීඩා උළෙලේ පළමු ස්ථාන පහ සඳහා යුරෝ 500,400,300,200 සහ 100 ලෙස ත්‍යාග පිරිනැමීමට කටයුතු කර තිබෙන අතර සහය දිවීමේ තරගවලදි යුරෝ 1000,800 සහ 500 ලෙස ප්‍රථම ස්ථාන තුන සඳහා මුදල් ප්‍රදානය සිදු කෙරෙනවා.මෙහිදි ජාත්‍යන්තර ක්‍රීජකයෙක්ට සිය ස්ථානය අනුව හිමිවන ලකුණු ප්‍රමාණය වැදගත් වන අතර ඉසව්වක මුල් සථාන අට සඳහා පිළිවෙලින් ලකුණු 60,50,45,40,35,30,27 සහ 25 ලෙස ලකුණු හිමි වෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan