ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම මත ඉරානය හා ඊශ්‍රායලය තාවකාලිකව ප්‍රහාර නවතයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
“වෙඩි තැබීම වහාම නවත්වන” ලෙස එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ලද ප්‍රකාශයකට අනුව ඊශ්‍රායලය හා ඉරානය තාවකාලිකව සිය ප්‍රහාර නවතා ඇති බව වාර්තා වේ.

ඇක්සියෝස් හි වාර්තාවකට අනුව, පසුගිය සතියේ ජනාධිපති ට්‍රම්ප් විසින් දුරකථන ඇමතුමකින් නෙතන්යාහුට අසභ්‍ය ලෙස තරවටු කර ඇති බව පැවසේ. පසුගිය පෙබරවාරි මස 28වන දා ඉරානයට එරෙහිව ඊශ්‍රායලය හා ඇමරිකා එක්සත් ජනපදය එක්ව එල්ල කරන ලද ප්‍රහාර මාලාවෙන් පසු පසුගිය අප්‍රේල් මස 10 වන දින දෙපාර්ශවයම සටන් විරාමයකට එළඹිණි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ඉරානය සමඟ සටන් කිරීම නතර කළ බවත්, ඉරානයෙන් ප්‍රහාර එල්ල වන්නේ නම් ඒ පිළිබඳව දැඩි ප්‍රහාර එල්ල කිරීමට සුදානම් බවත්ය.

ඉරානයේ පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් ඊයේ(08) දිනයේදී Xහි සටහනක් එකතු කරමින් ප්‍රකාශ කර තිබුණේ, ටෙහෙරානය සටන් විරාම නැවත නැවත උල්ලංඝනය කිරීම නොඉවසන බවත්, විශ්වාසය ගොඩනඟා ගැනීමට ඔබට සැබෑ කැමැත්තක් නොමැති තාක් කල්, ඉරානයේ ප්‍රතිචාරය එලෙසම පවතිනු ඇති බවත්ය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...