*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

රගර් තහනමට හේතුව දේශපාලන බලපෑමයි – ජනාධිපති නීතිඥ ආචාර්ය ෆයිස් මුස්තාෆා අභියාචනාධිකරණයට පවසයි

අධිකරණය විසින් දෙන ලද අවසරයක් මත පැවති රග්බි නිලවරණයෙන් පත් වූ පරිපාලනය අමාත්‍යවරයාගේ අභිමත බලය පරිදි වෙනස් කර ස්ථාවර කමිටුවක් පත් කිරීමට එරෙහිව,අමාත්‍යවරයා විසින් විසුරුවන්නට කටයුතු කළ රග්බි පරිපාලනය අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී,පෙත්සම් කරුවන් වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ෆයිස් මුස්තාෆා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා රග්බි ලෝක රග්බි ආයතනය විසින් අත්හිටුවා ඇත්තේ දේශපාලන මැදිහත්වීම් මත නිසා පමණක් බවය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරයා මෙම කරණු අනාවරණය කළේ අභියාචනාධිකරණය විසින් අද දෙපාර්ශවයේම කරුණු අසා අවසාන කළ අවස්ථාවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින්ය.


අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ASG මෙන්ම ස්ථාවර කිරීමේ කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා ලිඛිත දේශනයක් ගොනු කිරීමට අවශ්‍ය බව දන්වා සිටි බැවින් අභියාචනාඡිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි මස 14 වන දිනට කල් තැබීය.
මේ ආකාරයට නඩු කීන්දුවට දින නියම වී තිබියදී අමාත්‍යවරයා ස්ථාවරකරණ කමිටුව පත් කරමින් කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද යන්න පැහැදිළි නැති අතර මේ දක්වා එම පත් කළ කමිටුවට ආසියානු තරගාවලිය ඉලක්ක කරගෙන පුහුණු සංචිත කැදවා පුහුණු කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබී නැත.
විසුරුවන ලද පරිපාලනය අමාත්‍යංශයේ ද සහය නොලැබෙන මොහොතක කණ්ඩායමට හොද පුහුණුවක් ලබා දෙමින්,අලුත් අනුග්‍රහයන් කැඳවා ගනිමින් ගෙවුණු පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ඉතිහාසයේ හොඳම රගර් දස්කම ඉදිරිපත් කරන්නටත් සමත් විණි.එසේම,ඔවුහු ආසියානු සත් සාමාජික තරගවලදී ආසියානු සභාපතිවරයාගේ හැසිරීම ජාතික සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවල මැදිහත්වීමෙන් යම් ආකාරයකට පාලනය කර, ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ සහභාගි කරවීමට ද කටයුතු කළහ.


මෙවැනි කාරණා නිසා විසුරුවන ලද පරිපාලනය ක්‍රීඩා සමාජවල නියෝජිතයන් බහුතරයගේ කැමත්ත මත පත් වූ පරිපාලනයක් වීමත්,එය විසුරුවා හැරීමට කුමන විෂමතාවයක් හේතු වී දැයි පිළිගත හැකි ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරන්නට අමාත්‍යවරයා හෝ අමාත්‍යංශය අසමත්ව තිබීමත් නිසා, ස්ථාවරකරණ කමිටුවට රගර් සමාජය දිනා ගැනීමට අපොහොසත් වී ඇත.රගර් හී ක්‍රියාකාරී ක්‍රිඩා සමාජ හරහා ප්‍රියතාවය මත බලයට ඒමට අපොහොසත් පිරිසකගේ මැදිහත්වීමෙන් මේ ස්ථාවරකරණ කමිටුව පැමිණ ඇති බවත්,ඒ කමිටුව පිටුපස සිටින බවට මත පළවෙන බොහෝ අයට රගර් පරිපාලනය සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතා සම්බන්ධ චෝදනා තිබීමත්,රගර් ගිණුම හින්දා, රගර් පරිපාලනය ණය කිරීමත් වැනි චෝදනා තිබීම මේ තත්ත්වයට හේතු වී ඇත.
පොළවේ රගර් මේ මොහොතේ පවතින තත්ත්වය එසේ වන අතර අභියාචණාධිකරණයේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන් වෙනුවෙන් සහභාගී වූයේ ජනාධිපති නීතිඥ ආචාර්ය ෆයිස් මුස්තාෆා,නීතිඥ කීර්ති තිලකරත්න,සහ ශ්‍රි ලංකා රගර් නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිරත්නය.


අමාත්‍යවරයා සහ අමාත්‍යංශය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන පෙනී සිටියේය.ස්ථාවරකරණ කමිටුව වෙනුවෙන් පෙනී හිටියේ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ය.බස්නාහිර පළාත් රගර් සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පෙනී සිටියේය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan