*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

රෝහල් 63 ක් සඳහා වෛද්‍යවරුන් 406 ක් අනුයුක්ත කෙරේ.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන 27 වනදාට පෙර දිවයිනේ රෝහල් 63 ක් සඳහා වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

දැනට රෝහල්වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 694 ක පමණ පිරිසකගේ පුහුණු කාලය ලබන 27 වනදායින් අවසන් වීමට නියමිත බවයි අමාත්‍යංශය පවසන්නේ ,

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ , මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් 30,000 ට ආසන්න ප්‍රමාණයක් සිටින අතර රට තුළ කුමන අභියෝගාත්මක තත්ත්වයක් පැවතියද සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන ලෙසයි.

ඒ අනුව පසුගියදා පවුල් සෞඛ්‍ය නිලධාරීන් 222ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බඳවා ගැනීමට කටයුතු කළ බවත් ,  හෙද සේවාව සඳහා නවක හෙද හෙදියන් 3316 දෙනෙකු පුහුණුව සඳහා කඩිනමින් යොමු කිරීමට  සෞඛ්‍යය අමාත්‍යවරයා  මේ වන විට අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත .

සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ , මීට අමතරව පුහුණුව අවසන් කළ හෙද හෙදියන් 2000 ට අධික පිරිසකට පත්වීම් ලබාදීමටද නියමිත බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan